මනුෂ නානායක්කාරගේ සහය අගමැති රනිල්ට : ඉල්ලා අස්වීමේ ලිපිය මෙන්න 

මනුෂ නානායක්කාරගේ සහය අගමැති රනිල්ට : ඉල්ලා අස්වීමේ ලිපිය මෙන්න 

කුමන්ත්‍රණ ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම්දී සිටි මනුෂ නානායක්කාර කුමන්ත්‍රණ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රතිපත්තියට එරෙහිව නිල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත සහය ලබාදෙන බව සඳහන් කර ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී ඇති නියෝජ්‍ය අමාත්‍ය මනුෂ මේ බව සඳහන් කර ඇති අතර එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, අමාත්‍ය මනෝ ගනේෂන් ඇතුළු පිරිසක්ද සහභාගීව තිබේ.

අද (06) නිල අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේදීද මේ බව සඳහන් කෙරුණු අතර එහිදී තම ඉල්ලා අස්වීම සඳහන් කරමින් ජනාධිපති සිරිසේන වෙත යොමුකළ ලිපියද ප්‍රසිද්ධ කරනු ලැබිණ.

එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පෙරමුණ නියෝජිතයන් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් යහපාලන ආණ්ඩුවේ අමාත්‍යධුර දැරූ බොහෝ දෙනෙකු මෙම කුමන්ත්‍රණ ආණ්ඩුවට විරුද්ධ නමුත් ඔවුන්ව බිය ගැන්වීමෙන් සහ තර්ජනය කිරීම් හරහා තවදුරටත් කුමන්ත්‍රණ ආණ්ඩුවේ කොටස් කරුවන් ලෙස තබාගෙන සිටින බවය.

මනුෂ නානායක්කාර කුමන්ත්‍රණ ආණ්ඩුවෙන් ඉවත්වීමට ගනුලැබූ නිර්භීත තීරණයත් සමඟ මේ කුමන්ත්‍රණ ආණ්ඩුවට බියෙන් සිටින පාර්ශව වෙත ධෛර්යය ලැබෙනු ඇති බවත් තමන්ට දැනගන්නට ලැබී ඇති ආකාරයට ඉදිරියේ එම පාර්ශවද තීරණාත්මක මොහොතේදී කුමන්ත්‍රණයට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වන අරගලයට සහය දැක්වීමට නියමිත බවද එහිදී ප්‍රකාශ විය.

තම ඉල්ලා අස්වීම දන්වමින් නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපිය පහත දැක්වේ.

45506126 10216816826843052 4605933773022822400 n

45469200 10215421753109799 2821387089306714112 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න