කතානායක කරූ - හරියටම හරි : සිරිසේනගේ මාධ්‍ය නිවේදනයෙන් තහවුරුයි !

කතානායක කරූ - හරියටම හරි : සිරිසේනගේ මාධ්‍ය නිවේදනයෙන් තහවුරුයි !

කුමන්ත්‍රණ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එරෙහිව පසුගිය 16 වනදා ඉදිරිපත් කර සම්මත කරගත් යෝජනාව ස්ථාවර නියෝග යටතේ නිවැරදි බව ජනාධිපති සිරිසේන පිළිගෙන ඇත.

ඒ ස්ථාවර නියෝග යටතේ "හඬ" යටතේ ජන්දය ලබාදීමේ අවස්ථාව ස්ථාවර නියෝග වල සඳහන් බව ජනාධිපති සිරිසේනගේ මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනය මඟින් පිළිගෙන ඇති නිසාය.
 
 ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේ අදාළ කොටස !
 
Capture111111111111111111
 
එහෙත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන ආකාරයට නම් ජනාධිපති සිරිසේන ස්ථාවර නියෝග අනුව කටයුතු කිරීම පිළිනොගන්නා බවක් පෙනෙන්නට ඇත. ඒ "සියලූදෙනාගෙන් ඉල්ලා සිටියේ රජයට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව  තමාට තීරණයක් ගැනීමට නම් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ නමින් හෝ ඉලෙක්ට්‍රෝනික ක‍්‍රමය භාවිතයෙන් ඡන්ද ගණනය කිරීම අත්‍යවශ්‍ය බව" දක්වමින්ය.
 
පහත දක්වා ඇති ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ සම්පූර්ණ  නිවේදනය කියවූ කළ ඒ බව තහවුරු වෙයි.
 
කතානායකට ගහපු සේරම : රාජපක්ෂ පාර්ශවයේ මඩ විතරයි !
 
ඒ අනුව කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය දක්වන රාජපක්ස පාර්ශවය කතානායකවරයා ගැන එල්ල කළ සියළු විවේචන දේශපාලන මඩ පමණක් බවද තහවුරු වෙයි. කතානායක කරු ජයසූරිය ස්ථාවර නියෝග අනුව කටයුතු කළා පමණක් නොව කුමන්ත්‍රණ ආණ්ඩුවෙන් පාර්ලිමේන්තුවේ උත්තරීතර බව රැකගන්න කටයුතු කර ඇති බවද ඉතාම පැහැදිලිය.
 
ඒ අනුව දැන් ප්‍රශ්නය සහ රටේ මතුව ඇති අර්බුදය ඉතා පැහැදිළිව පෙනෙන්නට ඇත. ඒ විශ්වාස භංග යෝජනා දෙකක් සම්මත කරගත් ආකාරය නිවැරදිය. දැනටමත් කතානායක ඒ බව නිල වශයෙන් ජනාධිපතිවරයාට දන්වා ඇත. ඒ අනුව තවදුරටත් කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැතිකම බලාත්මක නැත. අමාත්‍ය මණ්ඩලයද අවලංගුය.  රාජපක්ෂ නම් කුමන්ත්‍රණ අගමැතිට දැන් රෙදි නැත. නමුත් විශ්වාස භංග යෝජනාව සම්මත වී පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන පාර්ශවයට නව ආණ්ඩුවක් පිහිටුවීමට නම් ඊට ජනාධිපතිවරයාගේ අත්සන යෙදීම පමණය. 
 
යළි යළිත් අපට අවධාරණය කරන්නට ඇත්තේ රට අරාජික කළ ඒ වෙනුවෙන් පළමු පියවර තැබූ සිරිසේන ජනාධිපති එම පියවර ආපස්සට ගෙන ව්‍යවස්ථාවට අනුව වැඩ කිරීමය. 
 
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල සම්පුර්ණ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.
 
111
 
 
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න