Image

'TNA එක රනිල්ව ප්‍රාණ ඇපයට අරගෙන' - මහින්ද'

'TNA එක රනිල්ව ප්‍රාණ ඇපයට අරගෙන' - මහින්ද'

රනිල්ගේ ආණ්ඩුව පාලනය කිරීමේ 'රිමෝට්' එක දෙමල ජාතික සන්ධානය අතට පත්ව ඇතැයි මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

"රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරන්න කියලා ඡන්ද 117 ක් ලැබුණා. ඒකෙන් 14 ක් දෙමළ ජාතික සන්ධානයේ, TNA එක රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරන්න කියලා ඡන්දය දුන්නට, මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා විශේෂ ප්‍රකාශයක් කරලා කිවුවා, TNA එක රනිල් වික්‍රමසිංහට අගමැති වෙන්න ඡන්දය දුන්ට ඒගොල්ලො ආණ්ඩුවට එක් වෙන්නෙ නැති බවත්, දිගටම විපක්‍ෂයේ ඉන්න බවත් ඉතින් මෙතන වෙලා තියෙන්නෙ මන්ත්‍රීවරුන් 103 ක් ඉන්න එක්සත් ජාතික පක්ෂය, සුළුතරය TNA එක විසින් ප්‍රාණ ඇපයට අරගෙන තියෙන එකයි."

එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානයේ සහය ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවිමට දරන උත්සාහයක් ගැන අදහස් දක්වමින් ඔහු මෙලෙස කියා සිටියේ, තමන් මෙතෙක් දැරූ බව පැවසෙන අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ උත්සවයෙන් අනතුරුව අද (15) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

"TNA එක කියන විදියට රට පාලනය කළේ නැතිනම් ඕනම මොහොතක එක්සත් ජාතික පක්ෂ සුළුතරයට පාර්ලිමේන්තුවේ බහුතරය නැති වෙන්න පුලුවන්.

TNA එකේ අතට තමයි රිමෝට් එක ගිහිල්ලා තියෙන්නෙ," යයි ද මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා එහිදී පැවසිය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සුදානමක් !

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් රට අර්ධ-ස්වාධීන ෆෙඩරල් ප්‍රාන්ත රාජ්‍ය නවයකට කැඩීමට සුදානම් වන බව පැවසූ මහින්ද රාජපක්ෂ මහතා, විධායක ජනාධිපති ධුරය ද අහෝසිකර 2019 දෙසැම්බර් ජනාධිපතිවරණය ද අහෝසි කිරීම එක්සත් ජාතික පක්ෂයේ සැළසුම බවට ප්‍රකාශ කළේය.

"ප්‍රශ්නයක් මතුකරලා දින නියමයක් නැතුව 2020 පාර්ලිමේන්තු මැතිවණයත් කල් දාගන්න පුලුවන්. ඒකට තමයි මේ සැරසෙන්නෙ," ඔහු කියා සිටියේය.

"දැන් ජනාධිපතිවරයා මේ අලුත් එක්සත් ජාතික පක්ෂ-දෙමල ජාතික සන්ධාන හවුල සමඟ නොසිටින නිසා ඔවුන් කරන විනාශයෙන් යම් ප්‍රමාණයක් හෝ පාලනය කර ගැනීමට හැකි වෙයි කියලා හිතන්න පුලුවන් වුණත්, ජනාධිපතිවරයාටත් නොදන්වා එක්සත් ජාතික පක්‍ෂය හා දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ මේ හවුලට කරන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා," යනුවෙන් ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

(මූලාශ්‍රය - බීබීසී සිංහල සේවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න