Image

ශ්‍රීලනිප "ජනවාරි 8 මිතුරෝ" එළියට : කැඳවුම්කරු දුමින්ද !

ශ්‍රීලනිප "ජනවාරි 8 මිතුරෝ" එළියට : කැඳවුම්කරු දුමින්ද !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, විජිත් විජිතමුනි සොයිසා, ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක, ෆයිසර් මුස්තාපා, සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, ඉන්දික බණ්ඩාරනායක, ලක්ෂ්මන් සෙනවිරත්න, කාදර් මස්තාන්, ශ්‍රියානි විජේවික්‍රම ඇතුළු පිරිසක් ශ්‍රීලනිපය තුළ අභ්‍යන්තර සංවිධානයක් ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

ශ්‍රීලනිප ආරංචිමාර්ග සඳහන් කරන ලෙස ඒ ජනවාරි 08 ජනතාවට දුන් "යහපාලන" පොරොන්දු යථාර්තයක් බවට පත්කිරීමේ අරමුනින් යුතුව වන අතර එම එකමුතුව  'ජනවාරි 08 මිතුරෝ' නමින් .ඉදිරියට කටයුතු කිරීමට නියමිතව ඇත.

මෙම එකමුතුවේ කැඳවුම්කරු ලෙස ශ්‍රීලනිප ජාතික සංවිධායක  පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක නම් කර ඇති බවත් එම කණ්ඩායම  අද (15) පෙරවරුවේ දී මහින්ද අමරවීර මහතාගේ නිවසේදී සිය පළමු නිල හමුව  පවත්වා ඇති බවත් දැනගන්නට ඇත. එහිදී  ඔවුන්  ඇතිකරගත්  මූලික එකඟතා අතර ජනවාරි 8 යහපාලන  පොරොන්දු ඉටු කිරීමට සහයවීම මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  ප්‍රතිපත්ති හා අරමුණුවලට එකඟව කටයුතු කිරීමත් වන බවද දැනගන්නට තිබේ.

එසේම මෙම පාර්ශවය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ පොදු පෙරමුණක් වෙත සහය දැක්වීම ප්‍රතික්ෂේප කරන බවත්  විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න