අභියාචනාධිකරණයෙන් වැඩ තහනම් කල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය අනුමත කළ මහින්ද රාජපක්ෂ දැන් අළුතින් ඉල්ලා අස්වීමට දෙයක් නොමැති බවත් ඔහුට දැන් ඉතිරිව ඇත්තේ මැදමුලන බාල්කය පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.
ඊයේ(15) ජනතා විමුක්ති පෙරමුණ විසින් "කුමන්ත්‍රණය පරාදයි - සැබෑ ජනතා ජයග්‍රහණයට පෙළ ගැසෙමු" මැයෙන් කිරුළපන පැවති රැළිය අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර මහින්ද රාජපක්ෂ යනු ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට අධිකරණයෙන් වැඩ තහනම් කළ පළමු අගමැති බවත් ඔහුට සිදුවූයේ උස්සලා පොළවේ ගැසූ අයෙකුට අත්වන අන්දමේ ඉරණමක් බවද පැවසීය.
මේ අතර සිරිසේන ජනාධිපති සම්බන්ධවද අවධාරණය කරමින් විජිත හේරත් මන්ත්‍රීවරයා තවදුරටත් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තවදුරටත් කටයුතු කළහොත් දෝෂාභියෝගයක් පමණක් නොව ප්‍රජා අයිතිය වුවත් නැති කිරීමේ බලය ව්‍යවස්ථාවේ පවතින බවත් එබැවින් ජනාධිපති සිරිසේන ඉදිරියට කටයුතු කිරීමේදී ඒ ගැන සිහිතබා ගත යුතු බවද පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
