Image

රනිල් දිවුරුම්දෙයි : සිරිසේන ඉල්ලා අස්වෙයිද ?

රනිල් දිවුරුම්දෙයි : සිරිසේන ඉල්ලා අස්වෙයිද ?

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද (16) මීට සුළු මොහොතකට පෙර ජනාධිපති සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මේ උත්සවයට එජාප ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ද එක්ව සිටි අතර කෙසේවෙතත් නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම පිළිබඳ මෙතෙක් නිල දැනුම්දීමක් කර නැත.

මේ අතර එජාප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පවසන්නේ දිවුරුම්දීමෙන් පසුව අගමැති රනිල් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවය.

මෙරට අග්‍රාමාත්‍ය ධුරය වැඩිම අවස්ථා ගණනකදී දරා ඇත්තේද වික්‍රමසිංහ මහතා වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් හිමි කරගත් පුද්ගලයා වන්නේද අගමැති රනිල් වික්‍රමසිංහ වන අතර ඔහු 2015 මහ මැතිවරණයේදී ලබාගත් මනාප ඡන්ද ගණන පන් ලක්ෂ පන්සිය හැටහයකි. (500,566)

කෙසේ වුවත් මීට පෙර ජනාධිපති සිරිසේන සඳහන් කර තිබුණේ රනිල් අගමැති වුවහොත් තමන් පැයක් හෝ ධුරයේ රැඳී නොසිටින බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න