Image

පැය 48න් අමාත්‍ය මණ්ඩලයක් සහ අතුරු සම්මත ගිණුමක් - ඉරාන් කියයි

පැය 48න් අමාත්‍ය මණ්ඩලයක් සහ අතුරු සම්මත ගිණුමක් - ඉරාන් කියයි

පැය 48ක් තුළ අමාත්‍ය මණ්ඩලය පත්කර 2019 වසරට අදාළ රාජ්‍ය වියදම් සඳහා අත්‍යවශ්‍ය අතුරු සම්මත ගිණුමක් සම්මත කිරීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි.

අද (16) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර අදාළ කැබිනට් මණ්ඩල සාමාජිකයන් ප්‍රමාණය 30 ක් විය යුතුව ඇති බවද ඔහු පැවසීය.

ඒ බව 19 වන සංශෝධනය තුළ පැහැදිළිව දක්වා ඇති බවත් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යධුර ලබාදීමද ඊට අනුව සිදුවිය යුතු බවද මන්ත්‍රීවරයා පවසයි.

මේ අතර මාධ්‍යවේදියකු විමසා සිටියේ රවී කරුණානායක මන්ත්‍රීවරයා වෙත මුදල් අමාත්‍යංශය ලබාදීමේ සූදානමක් පවතීද යන්නය. ඊට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ පක්ෂනායක හමුවේදී එවැන්නක් සාකච්ඡා නොවූ බවය. එහෙත් අමාත්‍යධුර සම්බන්ධව මේ වන විටත් විවිධ කරුණු යෝජනා සාකච්ඡා වෙමින් පවතින බවද මන්ත්‍රීවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න