මහින්ද අගමැති කළාට එරෙහි පෙත්සම් සඳහා දින නියම වෙයි !

මහින්ද අගමැති කළාට එරෙහි පෙත්සම් සඳහා දින නියම වෙයි !

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කොට එම තනතුරු සඳහා මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා පත් කිරීමට ජනාධිපති සිරිසේන පසුගිය ඔක්තෝබර් 26 ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

පූජ්‍ය දඹර අමිල හිමියන් සහ හිටපු ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරියකු වන ඕෂල හේරත් යන අය විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම් අද(07) ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ ලැබීය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට දන්වා සිටියේ තම පෙත්සම් සලකා බැලීම සඳහා දින නියම කරන ලෙසයි.

ඒ අනුව අදාළ පෙත්සම් පෙබරවාරි මස 7 වන දා සලකා බලන බව නිවේදනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශ්ව වෙත නොතිසි ලබාදෙන මෙන් ද නියම කළේය.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් ඔක්තෝබර් මස 26 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කොට එම තනතුර සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනය උල්ලංඝනය වන බවයි.

ඒ අනුව ජනාධිපතිවරයා ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න