සිරිසේනගේ ඔළුව පරීක්ෂා කරන්න දෙයක් නෑ : පෙත්සම නිෂ්ප්‍රභයි !

සිරිසේනගේ ඔළුව පරීක්ෂා කරන්න දෙයක් නෑ : පෙත්සම නිෂ්ප්‍රභයි !

ජනාධිපති සිරිසේනගේ මානසික තත්ත්වය පිළිබඳව පරික්ෂා කිරීමේ විමර්ශනයක් අරඹන්නයි පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසා ඉල්ලා ගොනුකළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07) තීන්දු කරනු ලැබිණ.

මේ අතර, පෙත්සම ගොනු කළ පෙත්සම්කාරිය විසින් රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවක් රජය වෙත ගෙවිය යුතු බවද අභියාචානාධිකරණය නියම කළේය.

කොළඹ -12 ප්‍රදේශයේ පදිංචි තක්ෂිලා ලක්මාලි ජයවර්ධන නමැති කාන්තාවක විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම සලකා බැලීම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන යන විනිසුරු මඩුල්ල හමුවේ අද සිදු කෙරුණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විරෝධතා මතු කරමින් පෙත්සම විභාග කිරීම සඳහා අභියාචනාධිකරණයට බලයක් නොමැති බව සදහන් කළේය.

මානසික රෝගී ආඥා පනත යටතේ යම් මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු තිබේ නම් එය මුලින්ම පොලිසිය වෙත පැමිණිලි කළ යුතු බව පෙන්වා දුන් සොලිස්ටර් ජෙනරාල්වරයා ඉන් අනතුරුව පොලිසිය පියවරක් නොගන්නේ නම් පමණක් අධිකරණය හමුවට ආ හැකි බව පෙන්වා දුන්නේය.

එහෙත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වෙත කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති පෙත්සම්කාරිය ජනාධිපතිවරයාට අපකීර්තියක් උදාකිරීමේ අරමුණින් මෙම ව්‍යාජ පෙත්සම අභියාචන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව ද පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිස් පස් වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණය හමුවේ නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව ද පෙන්වා දුන්නේය.

ඒ අනුව පෙත්සම විභාග කිරීමට අවසර දීම ප්‍රතික්ෂේප කර ලෙසයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දීර්ඝ ලෙස කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල තීන්දු කළේ මෙම පෙත්සම විභාගයට ගැනීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බවයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න