විසර්ජන පනත් කෙටුම්පත සඳහා අද (07) අමාත්‍ය මණ්ඩල අනුමැතිය !

විසර්ජන පනත් කෙටුම්පත සඳහා අද (07) අමාත්‍ය මණ්ඩල අනුමැතිය !

2019 වසරේ විසර්ජන පනත් කෙටුම්පත සඳහා අද (07) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව අමාත්‍ය මණ්ඩල ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අද සිට සතියක කාලයක් තුළ එය ගැසට් කිරීමට නියමිත අතර, සති දෙකකින් පසු විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

එසේම එළඹෙන පෙබරවාරි 5 වනදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති අතර, අයවැය යෝජනා ඉදිරිපත් කිරීම සිදුවන්නේ මාර්තු 05 වනදා බවද වාර්තා වෙයි.

අයවැය තෙවන වර කියවීම මාර්තු 13 වනදා ආරම්භ වන අතර, අප්‍රේල් 4 වනදා 2019 අයවැය ලේඛනය පිළිබඳ අවසන් ඡන්ද විමසීම සිදු කරන්නට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න