පොද්දල ජයන්තව සුදුවෑන් පැහැරගැනීම : දේශබන්දු තෙන්නකොන්ගෙන් ප්‍රශ්න කරයි !

පොද්දල ජයන්තව සුදුවෑන් පැහැරගැනීම : දේශබන්දු තෙන්නකොන්ගෙන් ප්‍රශ්න කරයි !

මාධ්‍යවේදී පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් වධ හිංසා පැමිණවීම සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කැඳවා ප්‍රකාශ සටහන් කර ගත් බව වාර්තා වෙයි.

එම ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පෝද්දල ජයන්ත මාධ්‍යවේදියාව පැහැර ගන්නා සමයේ නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා ලෙස සේවය කර ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් ය.

එසේම එකළ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා පැහැරගෙන යෑම සම්බන්ධයෙන් විමර්ශන දියත්කල මිරිහාන පොලිසිය ඊට සම්බන්ධ නැති දෙදෙනකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇතැයි ද, පොලිසිය එලෙස කළේ ඇයිදැයි එම පොලිසිය අයත් කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ තෙන්නකෝන් මහතාගෙන් ප්‍රශ්න කර ඇති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

2009 ජුනි මාසයේ දී ඇඹිල්දෙනිය ප්‍රදේශයේදී සුදු වෑන් රියකින් මාධ්‍යවේදී පොද්දල ජයන්ත පැහැරගෙන ගොස් වධ හිංසා පමුණුවා තිබිණි. ඒ සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් නොවූ බව කියමින් 2017 ජුනි 20 වැනි දා ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය පැවැත්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න