අතීතය නමැති තුවාලය පාරමින් වෛරයෙන් කටයුතු කළා ඇති - අගමැති රනිල්

අතීතය නමැති තුවාලය පාරමින් වෛරයෙන් කටයුතු කළා ඇති - අගමැති රනිල්

අතීතය නමැති තුවාලය පාරමින් එකිනෙකා කෙරෙහි වෛරයෙන් කටයුතු කිරීමෙන් කිසිදු පලක් නොවන බව අවධාරණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතීතය පිළිබඳ සත්‍ය ප්‍රකාශ කොට එකිනෙකාට කණගාටුව පළ කොට සමාව ලබාදී ශ්‍රී ලාංකිකයන් ලෙස එකමුතුව ඉදිරියට යාමේ අවකාශය උදාකර ගත යුතු බව පෙන්වා දුන්නේය.

ඊයේ (15) කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන සමාලෝචන රැස්වීම අමතමින් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා තව දුරටත් ප්‍රකාශ කළේ සත්‍ය හා සංහිදියා කොමිසම ස්ථාපිත කරලීම මගින් මේ අභිලාෂයන් මුදුන්පත් කරගත හැකි බවය.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර ගණනාවක සංවර්ධන කාර්යයන් කඩිනම් හා විධිමත් කරලීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. පසුගිය ගංවතුරින් විපතට පත් පවුල් වෙත වන්දි ලබාදීම ද මෙහිදී සිදු කෙරිණි.

මේ අවස්ථාවට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම්, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන්, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් යන අමාත්‍යවරුන් සහ දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ සුමන්තිරන්, සිවඥානම් ශ්‍රීධරන්, මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මන්ත්‍රීවරුන් ද එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න