ඩොලර් මිලියන 260ක ණය වාරිකය ගැන තීන්දුවක් ගන්න IMF නියෝජිතයන් ඇවිත් !

ඩොලර් මිලියන 260ක ණය වාරිකය ගැන තීන්දුවක් ගන්න IMF නියෝජිතයන් ඇවිත් !

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 260ක ණය වාරිකය ලබාදීම පිළිබඳව තීන්දුවක් ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත පිරිසක් ඊයේ (15) දිවයිනට පැමිණ ඇති අතර ඔවුන් ශ්‍රී ලංකා මහ බැංකුව , මහා භාණ්ඩාගාරය සහ මුදල් අමාත්‍යාංශය සමඟ සඳුදා (18) සාකච්ඡා ඇරඹීමට නියමිත බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවට අදාළ ණය වාරිකය ලබාදීමට සුදුසුදැයි නිර්දේශ කරනු ඇත්තේ එම සාකච්ඡාවලින් පසුව බවද දැනගන්නට ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 105ක ණය පහසුකමක් අනුමත කළ අතර මේ වනවිට ඉන් වාරික 4ක් ලබාදී තිබේ.

පස්වන ණය වාරිකය ඉකුත් නොවැම්බර් මාසයේදී ලබාදීමට නියමිතව තිබුණද ඔක්තෝම්බර් මස අගදී සිදුවූ ව්‍යවස්ථා අර්බුදය හේතුවෙන් ණය ලබාදීම අත්හිටුවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කෙරිණි.

ව්‍යවස්ථා අර්බුදය නිමවීමේන් පසුව නැවත ණය පහසුකම ලබා දෙන්නැයි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීමට අනුව එම ණය පහසුකම නිර්දේශ කිරීම සඳහා විශේෂ නියෝජිත පිරිස දිවයිනට පැමිණ සිටිති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වාරික හතරක් යටතේ මේ වනවිට ඇමරිකානූ ඩොලර් මිලියන 1000ක පමණ ණයක් ලබාදී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න