එජාපය සමඟ බෑ කියා : සිරිසේන මගේ ළඟට ආවා - මහින්ද

එජාපය සමඟ බෑ කියා : සිරිසේන මගේ ළඟට ආවා - මහින්ද

තම රජය පැවැතියේ නම් මධ්‍යම අධිවේගය මීට වසර දෙකකට පෙර සදා නිම කිරීමට තිබුණ බවත් එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කළ නොහැකි හෙයින් ජනපතිවරයා තමන් සමග එක්වූ බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ පවසයි.

ඊයේ (16) වේයන්ගොඩ නව සතිපොළ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා,

"අපේ රජය පැවතියේ නම් අධිවේගී මාර්ගය (මහනුවර - කොළඹ) මීට වසර 2කට පෙර සාදානිම කිරීමටයි තිබුණේ. එහෙනම් මේ වනවිට නුවර දක්වාම අධිවේගී මාර්ගය ඉදි වී අවසන්. අද මන්දගාමී වැඩපිළිවෙළකුයි ක්‍රියාත්මක වන්නේ. මේ ආණ්ඩුව කරපු කිසිම සංවර්ධන ව්‍යපෘතියක් ජනතාවට දකින්න ලැබෙන්නේ නැහැ. ජනාධිපතිතුමාට තේරුණා එජාපය සමග එකට යන්න බැහැ කියල. ඒ නිසා එතුමා අප සමග එකතු වුණා.

පළත් සභාවල නිළ කාලය අවසන් වූවාට ඡන්දය තියෙන බවක් පේන්නට නැහැ. ප්‍රදේශීය සභා ඡන්දයේදී වගේම පළත් සභාඡන්දයේදීත් එජාප ආණ්ඩුව හේදිළා යනවා. උතුරු පළත් සභාව බලය ඉල්ලුවාට, පළත් සභාවේ නිළ කාලය අවසන්වී විසුරුවා හැරලා තිබෙනවා. නමුත් ඡන්දය තියන්න කියා වචනයක්වත් කියන්නේ නෑ."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න