ව්‍යවස්ථා සභාවට චෝදනා කරන්නේ හොරු සහ දුෂිතයන් - අනුර

ව්‍යවස්ථා සභාවට චෝදනා කරන්නේ හොරු සහ දුෂිතයන් - අනුර

අධිකරණ විනිසුරන් පත් කිරීම පිළිබඳ ව්‍යවස්ථා සභාවට චෝදනා එල්ල කරන්නේ රටේ ප්‍රබල වංචා, දූෂණ හරහා අධිකරණයේ චූදිතයන් වූ අය බව ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර දිසානායක පවසයි.

ව්‍යවස්ථා සභාවට පහර ගසන එම පුද්ගලයන්ගේ එකම අරමුණ තමන්ගේ වංචා දූෂණ වසා ගැනීම බවටද මන්ත්‍රිවරයා චෝදනා කරයි.

ඔවුන්ගේ මෙම චෝදනා අනෙක් පැත්තෙන් අධිකරණයට සිදු කරන අනිසි බලපෑමක් බවද අනුර දිසානායක මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ව්‍යවස්ථා සභාවෙන් අධිකරණ විනිසුරන් පත් කිරීම වැරැදි බව පවසමින් ලබන සතියේ පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීම තුළින් පෙන්නුම් කරන්නේද චූදිතයන් කලබල වී ඇති ආකාරය බවයි.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න