මේ වසරේ අළුත් ආණ්ඩුවක් ස්ථිරයි - සිරිසේන යළිත් කියයි !

මේ වසරේ අළුත් ආණ්ඩුවක් ස්ථිරයි - සිරිසේන යළිත් කියයි !

මෙම වසර ස්ථීර වශයෙන්ම අලූත් ආණ්ඩුවක් හදන වසරක් බවත් එම අලූත් ආණ්ඩුව අන්ත දක්ෂිණාංශික බලවේගයකට ලබා දෙනවා ද, රටට ආදරය කරන සහ රටේ ප‍්‍රශ්න හඳුනාගත් මෙන්ම රටේ හෙට දවස වෙනුවෙන් වඩා සුදුසු අණ්ඩුවක් බිහිකර ගන්නවා ද යන්න සියලූදෙනා හෘද සාක්ෂියෙන් විමසිය යුතුව ඇති බව ජනාධිපති සිරිසේන විමසයි.

ජනාධිපති සිරිසේන මේ බව ප‍්‍රකාශ කළේ අද (17) පෙරවරුවේ කොළඹ නගර ශාලාවේ පැවති මහජන එක්සත් පෙරමුණේ 22 වන වාර්ෂික මහා සමුළුවේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වෙමිනි.

රටේ හෙට දවස වෙනුවෙන් අලූත් ආණ්ඩුවක් සහ අලූත් වැඩපිළිවෙළකට සුදුසු නව ජාතික පුළුල් බලවේගයක් බිහිකර ගැනීම ප‍්‍රගතිශීලි මෙන්ම රටට ආදරය කරන සෑම දේශපේ‍්‍රමියෙකුගේම අද දවසේ වගකීම වී ඇති බව ද එහිදී සිරිසේන ජනාධිපති පැවසීය.

එමෙන්ම එහිදී එක්සත් ජාතික පක්ෂය දැඩිව විවේචනය කළ ජනාධිපති සිරිසේන වැඩිදුරටත් පවසා සිටියේ අද එක්සත් ජාතික පක්ෂය මෙහෙයවමින් සිටින්නේ එහි නායකත්වය විසින් නොවන බවයි.
එබැවින් රටට හිතකර සහ රටට අවශ්‍ය අලූත් ආණ්ඩුවක් මෘතෘ භූමියේ හෙට දවසේ අවශ්‍යතාවය බව අවධාරණය කළ ජනාධිපති පුළුල් ජාතික සන්ධානයකින් තොරව එම ජයග‍්‍රහණය ලැබිය නොහැකි බව ද කියා සිටියේය.

රට මුහුණදී ඇති දැවැන්ත ණය බරින් රට නිදහස් කර ගනිමින් රටට ආර්ථික සමෘද්ධිය ඇති කිරීම සහ ජනතා සිතුම් පැතුම් මල් ඵල ගැන්වීම වෙනුවෙන් යුගයේ අවශ්‍යතාවයක්ව ඇති එම නව ජාතික පුළුල් සන්ධානය බිහිකර ගැනීම වෙනුවෙන් රටට ආදරය කරන සියලූ බලවේග එකට එක්විය යුතු බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය.

 

ඇල්ලේ ගුණවංශ හිමි, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන ඇතුළු එහි සාමාජික සාමාජිකවන් ද , බැසිල් රාජපක්ෂ, ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, ශ‍්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න