දෙවැනි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයත් සූදානම් !

දෙවැනි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයත් සූදානම් !

බරපතල මූල්‍ය වංචා දූෂණ නඩු විභාග කිරීමේ දෙවැනි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අලුත් කඩේ මහාධිකරණ ශාලා අංක 01 හි පිහිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට 1978 අංක 2 දරණ අධිකරණ සේවා සංවිධාන පනතින් අධිකරණ ඇමැතිවරියට පැවැරී ඇති බලතල යටතේ මෙම පිහිටුවීම සිදුකර ඇත.

එසේම මෙම දෙවැනි විශේෂ මහාධිකරණය සඳහා මීට පෙර විනිසුරුවරුන් පත්කර තිබූ නමුත් එය පිහිටුවීම පමා වූයේ එය කොළඹ අධිකරණ බල ප්‍රදේශයේ පිහිටු වන ස්ථානය පිළිබඳ ප්‍රශ්න මතු වූ නිසා බවද වාර්තා වන අතර

කෙසේ වුවත් මෙම නව අධිකරණ ගොඩනැගිල්ල අධිකරණ අමාත්‍යාංශය මගින් එය නිල වශයෙන් අධිකරණ සේවා කොමිසන් සභාවට භාරදෙන්නේ යැයි ද ඉන් පසු එහි භාරකාරිත්වය අගවිනිසුරුවරයා සතුවන බවද අමාත්‍යංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

විශේෂ මහාධිකරණ පිහිටුවීමේ සංශෝධන පනත් කෙටුම්පත පසුගිය වසරේ මැයි 9 වැනිදා ව්‍යවස්ථාදායකයේ වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර ඊට අනුව එහි පළමු විශේෂ මහාධිකරණය පසුගිය වසරේ අගෝස්තු 21 වැනිදා පිහිටුවිණි.

දණ්ඩ නීති සංග්‍රහට යටතේ ගැනෙන වැරදි විභාග කිරීමට මෙම මහාධිකරණවලට බලය හිමිවන අතර ඒ අනුව අල්ලස්, සාපරාධී විශ්වාසය කඩ කිරීම, මූල්‍ය අපහරණය, මූල්‍ය විශුද්ධිකරණය, ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදීම, සංවිධානාත්මක අපරාධ සහ මහජන දේපල අවභාවිතයට අදාළ පැමිණිලි විභාග කිරීම එහිදී සිදුවේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න