Language Switcher

V2025

ඩෙවෝන් ඇල්ලේ මුදල් ගැරිල්ලක් !

හැටන් දිඹුල පිහිටි සුන්දර ඩෙවොන් දිය ඇල්ල නැරඹිමට දිනපතා දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන වාහන වලින් කොටගල ප්‍රාදේශිය සභාව මගින් කිසිදු පොදු පහසුකමක්වත් ලබා නොදි අයතා ලෙස මුදල් අය කිරිම හේතුවෙන් එම සංචාරකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

බ්‍රිතාන්‍ය පාලන සමයේ එවකට නුවරඑළිය හැටන් මාර්ගය ඉදි කිරිමේදි ඩෙවොන් දිය ඇල්ල නැරඹිමට කුඩා නැරඹුම් මධ්‍යස්ථානයක්ද ඉදි කර ඇත.

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දිනකට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් ගමන් කරන අතර එම සැම සංචාරකයෙකුම නැරඹුම් මධ්‍යස්ථානයේ සිට හා ප්‍රධාන මාර්ගයේ සිට ඩෙවොන් දිය ඇල්ල නරඹා එහි ඡායාරුප ගැනිම සිදු කරයි.

එම මර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන්ද තම වෙහෙස නිවා ගැනිමට නැරඹුම් මධ්‍යස්ථානය අසල හා ප්‍රධාන මාර්ගය අභියස රථ වාහන ගාල් කර විවේක ගැනිමක්ද සිදු කරනු ලබයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අලුතින් ස්ථාපනය කරන ලද කොටගල ප්‍රාදේශිය සභාව මගින් පුවත්පතක දැන්විමක් පල කරමින් ඩෙවොන් දිය ඇල්ලේ නැරඹුම් මධ්‍යස්ථානය අසල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිමට ටෙන්ඩර්පත් කැඳවා එම ටෙන්ඩරය තලවකැලේ ප්‍රදේශයේ තරුණයෙකුට වාර්ෂික බලපත්‍රයක් මත රු ලක්ෂ 1 ½ කට එය ලබා දි ඇත.

ටෙන්ඩරය ලබාගත් තරුණයා පළමු පැය සඳහා බස් රථයකට රු 100 ක්ද ,වැන් රථයකට රු 50 ක්ද , ත්‍රිරෝද රථයකට රු30 ක්ද යතුරුපැදියකට රු 25 ක්ද බැගින් අය කරන අතර පැයකට වඩා නැරඹුම් මධ්‍යස්ථානය අසල සහ ප්‍රධාන මාර්ගය අබියස ගාල් කර තබන සැම වාහනයෙකින්ම එම මුදල දෙගුණ තෙගුණ කර අය කරයි.

එම නැරඹුම් මධ්‍යස්ථානය අසල හා ප්‍රධාන මාර්ගය අභියස සුළු වේලාවට පවා ගාල් කරන වාහනවලින් ටෙන්ඩර්පත් ලබාගත් අය විසින් මුදල් අය කරන අතර , ඇතැම් අවස්ථාවල ප්‍රවේශපත්‍ර නිකුත් කරන අය විසින් බස් රථයට අයකරන මුදල වැන් රථ වලටද අය කරන බවයි එම මාර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන්ද කියා සිටියි.

කිසිදු පොදු පහසුකමක්වත් ලබානොදි කොටගල ප්‍රාදේශිය සභාව මගින් ප්‍රධාන මාර්ගයේ සිට සුන්දර ඩෙවොන් දිය ඇල්ල නැරඹිමට මෙසේ මුදල් අය කිරිම අසාධාරණ බවයි එම මාර්ගයේ ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයන් මෙන්ම රියදුරන්ද වැඩිදුරටත් පවසයි.

db7282df29e12e2b323b6c532cb48480