ලාල් එළියට ආවහම තීන්දුවක් ගන්නවා - ටිල්වින්

ලාල් එළියට ආවහම තීන්දුවක් ගන්නවා - ටිල්වින්

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින තම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත ඇප මත නිදහස්වීමෙන් පසුව ඔහුත් සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ලාල්කාන්ත මන්ත්‍රීවරයා පසුගිය 01 වනදා රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව මේ මස 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

එම අනතුර සිදුවූ අවස්ථාවේදී ලාල්කාන්ත මන්ත්‍රීවරයා බීමත්ව සිටි බවට අනාවරණ වූ අතර ජවිපෙ නායකයන් කිහිපදෙනෙකුම අවධාරණය කර සිටියේ තම දේශපාලන මණ්ඩල සාමාජිකයාගේ වරද වසං කිරීමට පක්ෂය හෝ ලාල් කාන්ත සහෝදරයා කටයුතු නොකළ බවත් වරද පිළිගෙන නීතියට හිස නමා ආචාර කරමින් වරදින් පවා ආදර්ශයක් දීමට කටයුතු කල බවය.

එහෙත් දැඩි විනය ගත පක්ෂයක් ලෙස ඇප ලබා පැමිණි පසු ලාල් සහෝදරයා සමඟ සිදුවීම සම්බන්ධව සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවද ඔවුන් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න