බහිරවයන්ට සොරි : නෞකා ක්ෂේත්‍රයේ බැමි ලිහිල් වෙයි !

බහිරවයන්ට සොරි : නෞකා ක්ෂේත්‍රයේ බැමි ලිහිල් වෙයි !

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක භාණ්ඩ ප්‍රවාහන නෞකා සමාගම්වල හිමිකාරීත්වයෙන් 60%ක් විදේශිකයන්ට දැරිය හැකි ලෙස අනුමැතියක් ලබා දීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ භාණ්ඩ ප්‍රවාහන නෞකා ක්‍ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත ලිහිල්කරණය යටතේ පළමු අදියර ලෙස මෙය සිදු කරන බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම පසුගියදා යුරෝපා සංගමයේ තානාපති ප්‍රමුඛ යුරෝපා ආයෝජන නියෝජිතයන් පිරිසක් වෙත පවසා ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති මෙම හිමිකාරීත්ව අනුමැතිය ලබාදීමේ කරුණ ක්‍රියාත්මක කිරීම පිළිබඳ තමන් අවධානය යොමු කර සිටින බවත් එම අවස්ථාවට සහභාගි වූ යුරෝපා සංගම් නියෝජිත පිරිස පවසා තිබේ.

මංගලගේ අයවැය යෝජනාව !

2018 අයවැය යෝජනා අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර මීට අදාළ යෝජනාව ගෙනා නමුත් ඒ අවස්ථාවේ වරාය අමාත්‍යවරයා වූ මහින්ද සමරසිංහ ඇතුළු ආණ්ඩුවේම පිරිසක් ඊට විරෝධය දැක්වීම නිසා එය ක්‍රියාත්මක වුයේ නැත.

එසේම මෙරට නාවුක ක්ෂේත්‍රය අරක්ගෙන සිටින සමාගම් දෙක තුනද ඊට දැඩි විරෝධයක් දැක්වූ අතර ඔවුන් ඇතැම් දේශපාලනඥයන්හට අතිවිශාල සන්තෝසම් ලබාදී එකී යෝජනාව යටපත් කිරීමට මැදිහත්වූ බවටද ඒ සමයේ මාධ්‍ය වාර්තා පළවිය.

පසුගිය දිනක මේ පිළිබඳ නැවත වතාවක් හඬ අවධිකළ මංගල සමරවීර අමාත්‍යවරයා සඳහන් කර සිටියේ සමාගම් දෙක තුනක ග්‍රහණයෙන් නාවුක ක්ෂේත්‍රය මුදවා ගන්නට කටයුතු නොකළහොත් මෙරට ආසියාවේ නාවුක කේන්ද්‍රයක් කිරීමේ සිහිනය කිසි දිනක ඉටුනොවන්නක් වනු ඇති බවය. එසේම ආර්ථික ලිහිල්කරණ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නාවුක ක්ෂේත්‍රයට පමණක් අදාළ නොවිය හැකි නොවන බවද එහිදී අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

මේ සම්බන්ධව newstube.lk වෙබ් අඩවිය සිදුකළ අනාවරණ කිහිපයක් පහත දැක්වේ.

ඉන්දියන් සාගරයේ : නාවුක කේන්ද්‍රය හබක් !

නාවුක කර්මාන්තය සමාගම් 5කට නතුවීම යහපත් නෑ -ඇමති මංගල

ශ‍්‍රී ලංකාව කලාපයේ නාවුක හා වාණිජ කේන්ද්‍රස්ථානයයි

ශ‍්‍රී ලංකාව කලාපයේ නාවුක හා වාණිජ කේන්ද්‍රස්ථානයයි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න