කෘතීම වැසි අත්හදාබැලීම සාර්ථකයි !

කෘතීම වැසි අත්හදාබැලීම සාර්ථකයි !

වැසි රහිත කාලගුණික තත්ත්වයන් යටතේ ජල විදුලි නිෂ්පාදනයට බලපානු ලබන ගැටලු අවම කිරීම සඳහා කෘතිම වැසි ඇතිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායකගේ මගපෙන්වීම යටතේ එම අමාත්‍යාංශය මගින් පියවර ගෙන තිබේ.

ඒ අනුව මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය, ලංකා විදුලි බල මණ්ඩලය මගින් ඊයේ (22) ක්‍රියාවට නංවන ලදී.

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ Y12 ගුවන් යානයක් මගින් මවුස්සාකැලේ ජලාශයට අඩි 8000 ඉහලින් වු වලාකුළු යොදා ගනිමින් මෙම කෘතිම වැසි අති කිරිම සිදු කරනු ලැබීය. විනාඩි 45 කාලයක් කෘතිම වැසි ඇති කිරිම සදහා වලාකුළු මත රාසායනික ද්‍රව්‍යය මුදා හැර තිබේ.

මෙම කෘතීම වැසි ඇති කිරීම සදහා ගිවිසුම් අත්සන් කිරීම, පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි. මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන්, විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම්, ආචාර්ය බී.එම්.එස් බටගොඩ මහතා සහ ගුවන් හමුදාව වෙනුවෙන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අදාළ ගිවිසුමට අත්සන් තබන ලදී.

සෑම වසරකම ශ්‍රී ලංකාවට බලපානු ලබන වියලි කාලගුණික තත්ත්වයන් හමුවේ විදුලිබල ක්ෂේත්‍රය මුහුණදෙන ගැටළු මගහරවා ගැනීමට ස්ථිරසාර විසදුම් සෙවීම පිණිස, විෂයබාර අමාත්‍යවරයා විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල යටතේ මෙම කෘතීම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියට වැදගත් ස්ථානයක් හිමිවේ. ඒ අනුව අද ආරම්භ කළ නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය නිරීක්ෂණය කරමින්, වියලි කාලගුණික තත්ත්වය දිවයිනෙන් පහව යනතුරු ඉදිරි සති වලදීද කෘතීමව වැසි ඇති කිරීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස අමාත්‍ය රවී කරුණානායක මහතා අදාළ අංශ වලට උපදෙස් දෙන ලදී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න