එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවය අද වැලිගමින් ඇරඹේ !

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවය අද වැලිගමින් ඇරඹේ !

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද 2019 අයවැය මගින් තවදුරටත් ශක්තිමත් කර ඇති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් ව්‍යවසායකයන් බිහිකිරීම කඩිනම් කිරීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙළක් ලෙස දිවයින පුරා ජංගම සේවා පැවැත්වීමට තීරණය කර ඇත.

එහි පළමු පියවර ලෙස එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට සම්බන්ධ සියළු රාජ්‍ය ආයතනවල සහභාගීත්වයෙන් යුත් ජංගම සේවයක් මාර්තු 23 දින මාතර වැලිගම දී දවස පුරා පැවැත්වේ.

ස්වයං රැකියාවක්, ව්‍යාපාරයක්. කර්මාන්තයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන ව්‍යවසායකත්ව අරමුණු වලින් යුත් තරුණ ප්‍රජාවට සහනදායී පොලී අනුපාතයක් මත ප්‍රාග්ධනය ලබාදීම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.

වැලිගම පැවැත්වෙන මෙම ජංගම සේවාවේදී, මෙසේ ව්‍යාපාර හෝ කර්මාන්ත ආරම්භ කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට බැංකු මගින් ප්‍රාග්ධන මුදල් ලබාගැනීම පහසු කරනු වස් ඒ පිළිබඳ දැනුවත් කිරීමට අමතරව එදින තම ව්‍යාපාර සඳහා බැංකුව වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය ව්‍යපාර යෝජනා සකස් කිරීමටද සහාය වීමට වැඩපිළිවෙළක් යොදා ඇත. මේ සඳහා විශ්ව විද්‍යාල විද්‍යාර්ථයන්ගේ සහාය ලබාගෙන ඇති අතර, මේ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්ද පවත්වන බැවින් ණය අපේක්ෂා කරන පුද්ගලයින් තම ව්‍යාපාර පිළිබඳ මූලික තොරතුරු රැගෙන පැමිණෙන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

තවද, ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාෙද්ශීය සංවර්ධන බැංකුවේ ජංගම කාර්යාලයන් මෙම ස්ථානයේදී පැවැත්වෙන අතර, විවිධ ණය යෝජනා ක්‍රම පිළිබඳ අවශ්‍ය අනුමැතිය සහ තාක්ෂණ උපදෙස් ලබාගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය ආයතන වල නියෝජිත කාර්යාලද මෙහිදී පිහිටුවනු ලැබේ.

විශ්වවිද්‍යාල උපාධිධාරීන් සඳහා ඇරඹුම ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබාගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ සපයන අපනයන සංවර්ධන මණ්ඩලයේ කාර්යාලයක්ද, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාදීමට අදාළව කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ කාර්යාලයක්ද මෙම ජංගම සේවාව තුළ ක්‍රියාත්මක වේ.

සංචාරක ක්ෂේත්‍රයට ප්‍රසිද්ධ දකුණු පළාතේ සංචාරකයන් සඳහා සත්කාරක නිවාස (Homestay) පවත්වාගෙන යාමට අපේක්ෂා කරන අයට අදාළ ව්‍යාපෘති අනුමැතිය ලබාගැනීම සඳහා සංචාරක සංවර්ධන අධිකාරියේ කාර්යාලයක්ද මාර්තු 23 එනම් අද වැලිගම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම කාර්යාලයේදී ක්‍රියාත්මක කරන බැවින් ව්‍යවසායකයන් හට තම ව්‍යාපාර සඳහා මූලික පහසුකම් සියල්ල එක් වහලක් යටතේ පහසුවෙන් ලබාගැනීමට හැකිවනු ඇත.

මුදල් අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන මෙම එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා දීපව්‍යාප්ත ජංගම සේවාවේ ප්‍රථම අවස්ථාව අමාත්‍ය මංගල සමරවීර, මලික් සමරවික්‍රම හා ජෝන් අමරතුංග මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මාර්තු මස 23 වැනි දින (අද ) පෙරවරු 9.30 සිට වැලි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න