ජනාධිපතිවරණය කල්දාන්න : සිරිසේන මුට්ටිය දායි !

ජනාධිපතිවරණය කල්දාන්න : සිරිසේන මුට්ටිය දායි !

ජනාධිපතිවරණය හැකි උපරීම කාලයකට කල්දමා ගැනීමට ජනාධිපති සිරිසේන අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වෙයි.

ලැබී ඇති තොරතුරු අනුව ජනතාව අතර ජනාධිපති සිරිසේන සම්බන්ධව තිබෙන දැඩි අප්‍රසාදය වැඩි වීමත් අපේක්ෂකයන් තිදෙනකු ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වූවොත් ජනාධිපති සිරිසේන නියත වශයෙන් තුන්වැනි ස්ථානය බවට බුද්ධි වාර්තා පවා අනාවරණය කරගෙන තිබීම මීට හේතුවී ඇත.

ඒ අනුව ජනාධිපති සිරිසේන පාර්ශවයේ අපේක්ෂාව වන්නේ ජාතික මට්ටමේ දැවැන්ත ව්‍යාපෘති රැසක් සහ ආන්දෝලනයට තුඩුදෙන කටයුතු කිහිපයක් හරහා ජනාධිපති සිරිසේනගේ ප්‍රතිරූපය නංවාලීමෙන් පසුව ජනාධිපතිවරණය පැවැත්වීමය.

මේ අතර ජනාධිපති සිරිසේනගේ ධුරකාලය අවසන් වන්නේ 2020 මැයි 26 වැනිදා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් වසන්ත පෙරේරා ද පවසයි.

19 වන සංශෝධනය ක‍්‍රියාත්මක වන්නේ කතානායකවරයා ඊට අත්සන් තැබු දිනයේ සිට නිසා මෙම තත්වය ඇතිව තිබෙන බවත් ඔහු සදහන් කරයි.

තම ධුර කාලය ක‍්‍රියාත්වක වන කාල සීමාව සම්බන්දයෙන් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරනයේ මතය විමසුවහොත් ස්ථිර වශයෙන්ම එම තීරණය ලැබෙන බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

කෙසේ වෙතත් මීට පෙර ජනාධිපතිවරයා විසින් තම ධුර කාලය වසර පහක්ද හයක්ද කියා විමසූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ මතය වූයේ වසර පහක් බවයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න