රාජපක්ෂ පවුලේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා - බැසිල්

රාජපක්ෂ පවුලේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා - බැසිල්

මීළග ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා රාජපක්‍ෂවරුනට අවස්ථාව ලැබුනහොත් ගෝඨාභය රාජපක්‍ෂ ඉදිරිපත් කිරීමට රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන් හමුවූ අවස්ථාවක තීරණය කල බව පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ අදහස් පල කරන්නේ සති අන්ත ලංකාදීප පුවත්පත වෙත අදහස් දක්වමින්ය.

තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවක් නැති බවත් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඒ සදහා තමනට වඩා සුදුස්සෙක් යයිද බැසිල් රාජපක්‍ෂ මහතා කියයි.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස පුද්ගලයෙකු නම් කරන්නේ පක්‍ෂයෙන් බවත් ඒකාබද්ද විපක්‍ෂයේ නායකයන් විසින් යෝජනා කර ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාම බවත් සදහන් කරන ඔහු මහින්ද රාජපක්‍ෂ මහතාට නැවත ජනාධිපතිවරණවට තරග කිරීමට නොහැකි නිසා ජනාධිපතිවරණයට පුද්ගලයෙකු නම් කිරීමේ අවස්ථාව ඔහුට ලබා දී ඇති බවත් තව දුරටත් කියා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න