කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරිම සදහා ශ්‍රි ලංකා ගුවන් හමුදාව ඊයේ (22) ආරම්භ කල රෙන් ෆොල් මිෂන් (rainfall mission ) දෙවන දිනයට අද (23) කාසල්රි ජලාශ ජල පෝෂක ප්‍රදේශයේ සිදු කරනු ලැබීය.
ඊයේ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය සාර්ථකව ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ වයි12 ගුවන් යානය යොදා ගනිමින් සාර්ථකව සිදු කරනු ලැබිණ.
ලංකා විදුලි බල මන්ඩලයේ ඉල්ලිමක් මත තායිලන්තයේ සිට මෙරටට පැමිණි කෘතිම වැසි ඇති කිරිමේ පේටන් බලපත්‍රයක් හිමි සමාගමක දුත පිරිසක් කටුනායක ගුවන් තොටුපොලේ සිට කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතියට ක්‍රියාවට නංවා තිබේ.
මෙම නියමු ව්‍යපෘතිය කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ දින 14 පුරා සිදු කිරිමට නියමිතය.

