වෙල්ගම යළිත් ගෝඨා විරෝධයේ !

වෙල්ගම යළිත් ගෝඨා විරෝධයේ !

තමන් තව දුරටත් මහින්ද රාජපක්‍ෂ මහතා ගැන විශ්වාසය තබාගෙන සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කර ඇති බවට වාර්තා වන තොරතුරු ගැන අදහස් පල කරමින් මන්ත්‍රීවරයා මේ බව පවසා ඇත.

පලිගන්නේ නැති, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටට හොද නායකයෙකු මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවද ඔහු සදහන් කරයි.

එමෙන්ම පළිගැනීම්වලට නොයන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන අපේක්ෂකයකුට තමන් සහය දීමට සූදානම් බවද මන්ත්‍රීවරයා පවසා ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න