අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කොදාගොඩ පත් කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.
ජනාධිපති සිරිසේන විසින් ඔහුව යෝජනා කර ඇති අතර ඊට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී ඇත්තේ ඒ අනුවය .
කෙසේවෙතත් මීට පෙර ජනාධිපති සිරිසේන විසින් දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ නම අවස්ථා කිහිපයක දී යෝජනා කෙරිණ. එහෙත් ඊට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවූයේ නැත.
ඒ හේතුවෙන් ජනාධිපති සිරිසේන සහ ව්‍යවස්ථා සභාව අතර දැඩි ආතති සහගත තත්ත්වයක් ඇති විය. අනතුරුව තවත් නම් කිහිපයක් ද ජනාධිපති සිරිසේන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධූරය සදහා නම් කල අතර ඒ අතුරින් යසන්ත කෝදාගොඩ නම ව්‍යවස්ථා සභාව පිළිගෙන තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
