අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ සහෝදරයා වන රිෆ්ඛාන් බදියුදීන් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට සිදුකරගෙන යන ප්‍රචාරය සාවද්‍ය බව වාර්තා වෙයි.
අදාළ පුවත සම්බන්ධව newstube.lk විසින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අමතා විමසූ අතර එහිදී අමාත්‍යවරයා ද එම පුවත ප්‍රතික්ෂේප කර සිටියේය.
එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය වෙනුවෙන් LTTE සමයේ පවා දිවි පරදුවට තබා ක්‍රියාකර ඇති තමන්ට සහ ඥාතීන් ඉලක්ක කර මෙවැනි අවලාද නැගීම සම්බන්ධව තමන් කණගාටු වන බවය.
එසේම තමන් සහ තම සහෝදරයන් පමණක් නොව අතිබහුතරයක් මුස්ලීම් ජනතාව ත්‍රස්තවාදී ක්‍රියා අනුමත නොකරන බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.
මේ සම්බන්ධව newstube.lk මීට පෙරද වගකීමෙන් යුතුව අනාවරණය කර සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරය සඳහා ආණ්ඩුවේ කිසිඳු මුස්ලිම් ඇමතිවරයකු සම්බන්ධවී නැති බවය.
මෙතෙක් සිදුකර ඇති විමර්ශන වලට අදාළ තොරතුරු පදනම්ව සැකසුනු එම පුවත පහත දැක්වේ.

