කේරළයේ ප‍්‍රහාර සැළසුමකට හෂීම්ගේ ගෝලයෙක් අත් අඩංගුවට

කේරළයේ ප‍්‍රහාර සැළසුමකට හෂීම්ගේ ගෝලයෙක් අත් අඩංගුවට

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැලසුම් කළ පුද්ගලයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.

එරට ජාතික විමර්ශන ඒජන්සිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පසුගියදා මෙරට බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ මහමොලකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ අනුගාමිකයෙකු බවට පාපොච්චාරණය කර ඇතැයි ද එම වාර්තා සදහන් කරයි.

29 හැවිරිදි පුද්ගලයකු වන ඔහු රියාස් අබුබකර් හෙවෙත් අබු දුජානා ලෙස හදුනාගෙන තිබේ.

වසරක පමණ කාලයක සිට තමා සහරාන් හෂීම්ගේ සහ ශකීර් නායික් නමැත්තාගේ අදහස් අධ්‍යයනය කළ බව පවසා ඇති ඔහු ඒ අනුව කේරළ ප‍්‍රදේශයේ ප‍්‍රහාර සැළසුමක් දියත් කළ බව පිළිගෙන ඇත.

කොචි අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති සැකකරු පිළිබද ඉදිරි නීතිමය පියවර ගැනීමටද නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න