දිලිත් ජයවීර ගහන්නේ දේශපාලන ගේමක් - අනුර

දිලිත් ජයවීර ගහන්නේ දේශපාලන ගේමක් - අනුර

අසත්‍ය, අවලාද, කැත මාධ්‍ය භාවිතාවකින් ජවිපෙට මඩ අවලාද නගා ව්‍යාපාර, ධනය,වරප‍්‍රසද, උපයා ගන්න සූදානම් වෙන්න එපා කියා තමන් දිලිත් ජයවීරටත් මහින්ද ඉලේපෙරුමටත් කියන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

ඊයේ (29) පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ජවිපෙ නායකයා මේ අදහස් දැක්වීම සිදුකළේය.

සේල් නැතත් මිලියන ගණන් මුදල් දාන අරුණ

එහිදී ඔහු දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු වූ දිලිත් ජයවීරට දැඩිව චෝදනා කර සිටියේ රටේ මිනිස්සු නම අහලවත් නැති පත්තරයකට සතිපතා මිලියන ගණනක් මුදල් යොදවා පවත්වාගෙන යන්නේ දේශපාලන ව්‍යාපෘතියක කොටසක් වශයෙන් බවත් හැකි සෑම අවස්ථාවකම ජවිපෙට අවලාද නගන්නෙත් එම දේශපාලන ව්‍යාපෘතියේම කොටසක් වශයෙන් බව සඳහන් කරමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මෙසේද පැවසීය.

"ඔය අරුණ පත්තරේ ආදායම කීයද ? නමුත් සතිපතා මිලියන කීයක් ඊට යොදවනවද ? එහෙම මුදල් විසිකරමින් විකිණෙන්නෙත් නැති පත්තරයක් පවත්වාගෙන යන්නේ දේශපාලන අරමුණකින්. ඒක අයිති දිලිත් ජයවීර ට.

දිලිත් 500ක් අරගෙන කොළඹ ආව ඔයා : අවුරුදු 10න් කෝටිපතියෙක් වුනේ කොහොමද ?

ඔහු කියන්නේ ඔහු රුපියල් 500ක් අතේ තියාගෙන කොළඹ ඇවිත් මහා ධනවතෙක් වුනා කියලා. දිලිත් ජයවීර සමාගම් කිහිපයක හිමිකරුවෙක්. මාධ්‍ය ජාලයක අයිතිකාරයෙක්. දශකයක වගේ කාලයක් තුළ සාධාරණ ලාභයක් උපයා කාටද මේ වගේ වෙන්න පුළුවන්. විශ්වාස කරනවද ලංකාවේ තිබෙන ආර්ථික පසුබිම තුළ දශකයක් වගේ කෙටි කාලයක් තුළ දැවැන්ත සමාගම් කිහිපයක අයිතිකරුවෙක්, මාධ්‍ය ජාලයක අයිතිකරුවෙක් වෙන්න පුළුවන් කියලා. එහෙනම් දැන් මේවා පිරිසිදු ආදායම් මාර්ග ද ?

රාජපක්ෂ සමයේ කොටස් වෙළෙඳපොළ සෙල්ලම්

පසුගිය දශකයකට අධික කාලයක් තුළ කොටස් වෙළඳපොලේ සෙල්ලම් දැම්මේ , ව්‍යාපාරික සමාගම් සෙල්ලම් දාන්න දේශපාලන හස්තයක මැදිහත්වීමක් නැතිව බැරිවූ බව රටම දන්නවා. දේශපාලන හස්තයක සහයෙන් විතරයි එහෙම සෙල්ලම් දාන්න පුළුවන් වුණේ.

මහින්ද ඉලේපෙරුම කියන්නේ කවුද ?

දැන් ඔය අරුණ පත්තරේ ප්‍රධාන කර්තෘ කවුද ? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඔහු ජනාධිපති ධුරය දරන සමයේ ඔහුගේ මුද්‍රිත මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ මහින්ද ඉලේපෙරුම. දැන් ඒ රස්සාව නෑ. තනතුර නෑ , වරප්‍රසාද නෑ, දැන් දිලිත්ගේ මාධ්‍ය ජාලයේ රස්සාව දීලා.

දිලිත් සමග ගැටුම දේශපාලනිකයි !

දිලිත් සහ අපි අතර ව්‍යාපාරික ගැටුමක් නෑ. අපි ව්‍යාපාර කරන්නෙත් නෑ. නමුත් දිලිත් සහ අපි අතර දේශපාලන ගැටුමක් තියනවා. ඔහු දේශපාලන ව්‍යාපෘතියක ඉන්නවා. ඒ වෙනුවෙන් ප්‍රවෘත්ති නිර්මාණය කරනවා.

අරුණ පත්තරේ ජනතාව මුළාකරා !

දැන් බලන්න, අරුණ පත්තරේ තියනවා, "දෙමටගොඩින් අත්අඩංගුවට ගත් ඊබ්‍රහිම් අරුණට කතා කරයි" කියලා. මම ඉතා වගකීමෙන් කියන්නේ, අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කතා කරලා ඇහුවා අත්අඩංගුවට ගෙන සිටින අයට මාධ්‍යට කතා කරන්න දෙනවද කියලා. ඔවුන් කිව්වේ එහෙම කිසිම අවස්ථාවක් නෑ කියලා.

දැන් එහෙනම් පැහැදිලි මේ බොරු ගොතලා ජනතාව මුලාකරලා කියලා. ඒ විතරක් නෙවෙයි එක දිගට රූපවාහිනී දැන්වීම් දැම්මා ඊබ්‍රාහිම් අරුණට කතා කළා කියලා. පත්තරේ මොකක්ද තියෙන්නේ , ජවිපෙට අත දිගහැර මුදල් දුන්න ඊබ්‍රාහිම් , ප්‍රහාරයට පෙර පුතාගේ ගිනුමකට මිලියන දහස් ගණනක් දාලා, කියලා.

මොකක්ද මේ කියන්න හදන්නේ, හරි පැහැදිලියි මෙයාලගෙ දේශපාලන ව්‍යාපෘතිය. ඒත් අපි කියනවා අසත්‍ය, අවලාද, කැත මාධ්‍ය භාවිතාවකින් ජවිපෙට මඩ අවලාද නගා ව්‍යාපාර, ධනය,වරප‍්‍රසද, උපයා ගන්න සූදානම් වෙන්න එපා කියලා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න