එක්සත් ජාතීන්ගේ පූර්ණ සහය ශ්‍රී ලංකාවට !

එක්සත් ජාතීන්ගේ පූර්ණ සහය ශ්‍රී ලංකාවට !

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහ ලේකම් මිගෙල් ඇන්හෙල් මොරටිනෝස් (H.E. Miguel Ángle Moratinos) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමු වී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිය ශෝකය පළකරමින්, ශ්‍රී ලංකා රජයට පූර්ණ සහය ලබා දෙන බවට සහතික විය.

මෙම දුෂ්කර අවස්ථාවේ දී සමස්ත ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාව සමඟ සිටින බව ද ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවට පැමිණ පුද්ගලිකවම අග්‍රාමාත්‍යවරයා හමු වී, ශ්‍රී ලංකා රජය වෙත සිය කණගාටුව පළකරන ලෙස ද, මේ අවස්ථාවේ සමස්ත එක්සත් ජාතීන්ගේ සංවිධාන ව්‍යුහය ශ්‍රී ලංකා රජය ශක්තිමත් කිරීමට ඇප කැප වී සිටින බව දන්වන ලෙස ද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා විසින් තමන් වෙත දන්වා සිටි බව ද නියෝජ්‍ය මහලේකම්වරයා ප්‍රකාශ කළේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න