ජනාධිපතිට එරෙහි මඩ ලිපි 800ක් සමග ඇමැති ගෝලයන් 3ක් අත්අඩංගුවේ !

ජනාධිපතිට එරෙහි මඩ ලිපි 800ක් සමග ඇමැති ගෝලයන් 3ක් අත්අඩංගුවේ !

ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගේ ගෝලයින් තිදෙනකු පොලිසිය විසින් අද (02) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව ජනාධිපති සිරිසේන වගකිවයුතු බව ඇතුළු ජනාධිපතිගේ කීර්ති නාමයට හානි වන ආකාරයේ තොරතුරු ඇතුලත් ලිපි මළු කිහිපයක් තැපැල් කිරීමට පැමිණි අවස්ථාවේය.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මෙම තිදෙනා විශාල ප්‍රමාණයේ මළු කිහිපයක් රැගෙන තැපැල් මූලස්ථානයට පැමිණ ඇති අතර ඒවායේ ලිපි 800කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත.

එම ලිපි යොමුකර ඇත්තේ රට පුරා තිබෙන බෞද්ධ විහාරස්ථාන වල ලිපිනයන්ටය.

මේ සම්බන්ධව සැකසිතා ඇති තැපැල් සේවකයකු එම ලිපියක් විවෘත කර ඇති අතර එහිදී ජනාධිපති සිරිසේන වෙත අවලාද නගමින් භික්ෂූන් වෙත අදාල ලිපිය යොමුකර ඇති බව දැක තිබේ.

අනතුරුව එම සේවකයා ඒ පිළිබඳ ආරක්ෂක අංශ වෙත දන්වා ඇත.

මේ සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්‍යාල ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙම අත්අඩංගුවට පත්වූ ගෝල පිරිසට මූලිකත්වය ලබාදෙන අමාත්‍යවරයා ඊයේ (01) ජනාධිපතිවරයා හමුවී ඔහුට රාජ්‍ය බැංකු හිමිවන ආකාරයට අමාත්‍යාංශ විෂය වෙනසක් ඉල්ලා සිටි බවය.

කෙසේ වුවත් අදාල කටයුත්ත සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරන ලෙස ආරක්ෂක අංශ වෙත නියෝග නිකුත්කර අති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න