ආගමන විගමන දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව යන ආයතන දෙකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ පරිගණක මෘදුකාංග ඔස්සේ සම්බන්ධ කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීන්දුව ක්‍රියාත්මක නොකිරීම ගැන කරුණු දක්වන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (2) උපදෙස් දුන්නේය.
ආරක්ෂක විධිවිධාන යටතේ දත්ත ගබඩා ඒකරාශී කිරීමේ ක්‍රමවේදය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී මේ වන විට මාස කිහිපයක් ගතව ඇතත් තවමත් ඒ සම්බන්ධව පියවරක් ගෙන නොතිබීම මීට හේතුවී තිබෙයි.
අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය අනුව ඉහත ආයතන දෙකෙහි දත්ත ගබඩා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා සම්බන්ධ කර තිබුණේ නම් අයිඑස්අයිඑස් ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ගේ තොරතුරු ඉතාම නිරවුල්ව කලින්ම දැනගැනීමට තිබුණේ යැයි ද ආරක්ෂක අංශ අගමැතිවරයාට ඉදිරිපත් කළ වාර්තාවක දක්වා ඇති බවත් වාර්තා වෙයි.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හා රේගුවේ ඇතැම් නිලධාරීන් අතර වූ කඹ ඇදිල්ලක් හේතුවෙන් දත්ත දෙපාර්තමේන්තු අතර සහසම්බන්ධ නොකිරීම නිසා අග්‍රාමාත්‍යවරයා ඉහත නියෝගය දුන්නේය.

