ගෝඨාට අපේක්ෂකත්වය දීලා නෑ: මහින්ද සිරිසේනට කියලා !

ගෝඨාට අපේක්ෂකත්වය දීලා නෑ: මහින්ද සිරිසේනට කියලා !

ජනාධිපති සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර විශේෂ හමුවක් අද (02) සිදුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

එහිදී ජනාධිපති සහ විපක්ෂ නායකයා අතර පෞද්ගලික සාකච්ඡාවක් සිදුව ඇති බවත් වාර්තා වන අතර මෙහිදී ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධවද සාකච්ඡා කර ඇති බවත් වාර්තා වෙයි.

වැඩිදුරටත් වාර්තා වන තොරතුරු අනූව මෙහිදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සදහන් කර ඇත්තේ තමන් ජනාධිපති සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවය.

එහිදී ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධව ද සාකච්ඡා කෙරී ඇත.

එහිදී විපක්ෂ නායක මහින්ද සදහන් කර ඇත්තේ ගෝඨා ට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට තමන්ගේ කිසිදු සූදානමක් නැති බවය.

එසේම මේ වන විට ගෝඨා කටයුතු කරන්නේ පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානියකුගේ සහය ඇතිව විශ්‍රාමික හමුදා නිලධාරීන් වූ හිතවතුන් කිහිපදෙනකු සමග බවත් එය තම දේශපාලන ව්‍යාපෘතියට පිටින් ක්‍රියාත්මක වන්නක් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ජනාධිපති සිරිසේන වෙත දන්වා ඇත.

එසේම ගෝඨා ට තමන් කිසිසේත් අපේක්ෂකත්වය ලබාදීමක් ගැන වචනයක් ලබාදී නොමැති බව එහිදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අවධාරණය කර ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න