දිවයිනේ සියළුම පාසල් වෙත ආරක්ෂාව ලබාදිය යුතුයි - ඇමති රවී

දිවයිනේ සියළුම පාසල් වෙත ආරක්ෂාව ලබාදිය යුතුයි - ඇමති රවී

"අපේ දරුවන් තමයි අපට තිබෙන වටිනාම සම්පත. ඒ නිසා අද තිබෙන තත්ත්වය මත දෙමව්පියන්ට දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බයක් සැකක් ඇතිවීම සාධාරණයි. අපි මේ අවස්ථාවේදී දරුවන් තුළ බයක් සැකයක් ඇති නොවන ආකාරයෙන් වැඩකටයුතු කළ යුතුයි. අද වනවිට පාසල්වල ආරක්ෂාව හොද තත්ත්වයක පවතිනවා කියලා අපට පේනවා. අපි ඒ ආරක්ෂක තත්ත්වය පිළිබදව දරුවන් සහ දෙමව්පියන් තුළ විශ්වාසයක් ඇතිකළ යුතුයි. මනුෂ්‍යත්වය ගැන නොදන්නා මේ වගේ කෲර ත්‍රස්තවාදීන්ව අපි මොන ආකාරයකින්ද නවත්වන්නේ. ඔවුන් මර්ධනය කරන්න තමයි අපේ ත්‍රිවිධ හමුදාවත් පොලීසියත් මේ වනවිට ඉදිරිපත්වෙලා සිටින්නේ. ඔවුන්ට ඒ කාර්යය සදහා අපගේ සහායද ලබාදිය යුතුයි. ඒ වගේම දිවයිනේ සියළුම පාසල් වෙත මෙම ආරක්ෂාව සපයා දීමට කටයුතු යෙදිය යුතුයි " යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි.

පසුගියදා ඇතිවූ කුරිරු බෝම්බ ප්‍රහාරය හමුවේ වසාදැමු පාසල් නැවත විවෘත කිරීමට රජය විසින් ගත් තීන්දුවෙන් අනතුරුව, පාසල්වල ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය යොදවා තිබේ. තමන් වෙත අනුයුක්ත කර සිටි ආරක්ෂක නිලධාරීන්ද අදාළ ආරක්ෂක වැඩපිළිවෙල වෙනුවෙන් යෙදවීමට කටයුතුකළ අමාත්‍ය කරුණානායක මහතා, රාජකීය විද්‍යාලය, ශාන්ත පාවුලු විද්‍යාලය ඇතුළු කොළඹ ප්‍රදේශයේ පාසල් කිහිපයක ආරක්ෂක කටයුතු පිළිබදව සොයාබැලීමට ඊයේ (07) පෙරවරුවේ සහභාගි වූ අතර එහිදී මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා..,

"ඊයේ දිනයට වඩා අද දින වනවිට පාසල් වලට සිසුන්ගේ පැමිණීම 15% කින් පමණ වැඩිවෙලා තිබෙන බව දැනගන්නට ලැබුණා. මේ මස 13 දින පාසල්වල ප්‍රාථමික පංති ආරම්භ කරනවා. අපි දැන් දේශපාලනමය තත්ත්වයක් නොවෙයි, රටේ ආරක්ෂක තත්ත්වය පිළිබදව සිතා වැඩකළ යුතුයි. ඒ අනුව ආරක්ෂක අංශ සහ රජය තීරණය කරනවානම්, පාසල් ආරම්භ කිරීම සුදුසුයි කියලා, අපි පිළිගතයුත්තේ එයයි. රජයක් වශයෙන් පාසල් ආරම්භ කිරීමට හෝ වැසීමට තීරණය කරන්න අපට පුළුවන්. නමුත් ටියුෂන් පංති පිළිබදව අපට ඒ ආකාරයෙන් තීරණ ගන්න අපහසුයි. දරුවන් පාසල් එවන්න බයයිනම්, ටියුෂන් පංති යවන්නේ කොහොමද" යැයි පැවසීය.

03 1

01 2

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න