ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහ ගත කරීම වෙනුවෙන් ජනපති පත්කළ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහ ගත කිරිම සඳහා නිර්දේශ ලබාගැනීමට ජනපති සිරිසේන විසින් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත්කරනු ලැබීය.
එම කමිටුව ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරිමට ජනාධිපති සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මූල්‍ය ප්‍රතිව්‍යුහ ගත කිරීම, ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීම, ඵලදායි ක්‍රමෝපායික සැලසුමක් හා ව්‍යාපාර මෙහෙයුම් ආකෘතියක් සම්පාදනය කිරිම, මානව සම්පත ප්‍රතිව්‍යුහගත කිරීම, ස්වාධීන ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සහතික කරවීම, සන්නාම ප්‍රවර්ධන හා ක්‍රියාවන් උපයෝජනය කිරීම යනාදි අංශ පිළිබඳව ඉදිරිපත් කර ඇති නිර්දේශ මෙසේ ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
