නීතිය හා සාමය අමාත්‍යාංශය ගැන එජාපෙ මන්ත්‍රීවරුන් අගමැතිට කරුණු දක්වයි !

නීතිය හා සාමය අමාත්‍යාංශය ගැන එජාපෙ මන්ත්‍රීවරුන් අගමැතිට කරුණු දක්වයි !

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට නීතිය, සාමය හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යධූරය ලබා දුන්නේ නම් පාස්කු ප්‍රහාරයෙන් පසු රජය ගත් පියවර ගැන ජනතාව අතර ප්‍රබල විශ්වාසයක් ඇති කරවන්නට හැකියාව තිබූ බව එක්සත් ජාතික පක්ෂ පසු පෙළ මන්ත්‍රීවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ හමුවේ ඊයේ (15) කරුණු දැක්වූ බව වාර්තා වෙයි.

ත්‍රිවිධ හමුදාව හා පොලීසිය රාජ්‍ය බුද්ධි අංශ මග පෙන්වීම මත රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර තිබියදී දරුවන් පාසල් එවීමට දෙමාපියන් පසුබට වන්නේ ප්‍රබල විශ්වාසවන්ත ක්‍රියාමාර්ගයක් ප්‍රදාර්ශනය නොවීම නිසා බවද එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් එහිදී දීර්ඝ ලෙස කරුණු දැක්වූබවත් වාර්තා වෙයි

පසුපෙළ මන්ත්‍රීවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ සාකච්ඡා කරනු ලැබූවේ අරලියගහ මන්දිරයේ පැවැති හමුවකදී ය.

රට තුළ මීට වඩා බරපතල සිද්ධීන් ඇති වූ අවස්ථාවලදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සාර්ථකව මුහුණ දුන් ආකාරය ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් මන්ත්‍රීවරුන් හමුවේ දිර්ඝ ලෙස කරුණු දැක්වීය.

රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව අතර පවතින අවිශ්වාසය දුරු කිරීමට ආරක්ෂක විශේෂඥයෙකු වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට බාරදීමෙන් කළ හැකිව තිබූ බව පසු පෙළ මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීම අගමැති රනිල් වික්‍රමසිංහ ඊට දැඩිව සවන්දී සිටිනු දැකගත හැකිවිය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න