අමාත්‍යවරුන්ට ගම්පහ පන්සල් වාරණය පැනවූයේ ළමා අපයෝජන චූදිතයෙක් !

අමාත්‍යවරුන්ට ගම්පහ පන්සල් වාරණය පැනවූයේ ළමා අපයෝජන චූදිතයෙක් !

අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය රාජිත සේනාරත්න මෙන්ම ඔහුගේ පුත් චතුර සේනාරත්න මන්ත්‍රීවරයාට ගම්පහ ප්‍රදේශයේ කිසිඳු විහාරස්ථානයකට වැද්ද නොගැනීමට තීරණයක් ලබාදුන් රැස්වීමේ ප්‍රධාන හිමිනම මිට ඉහතදී ළමා අපචාර චෝදනා වලට වැරදිකරු ලෙස දඬුවම් ලැබුවෙකු බව වාර්තා වෙයි .

එම මැති ඇමතිවරුන්ට එරෙහිව පසුගිය 4 වනදා පන්සල් ඒමට ඉඩ නොදීමේ තීරණයක් ගෙන ඇත්තේ ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය යි. ගම්පහ පහළගම විද්‍යරවින්ද පිරිවෙනේ විහාරාධිපති පහළගම සෝමරතන නාහිමියන් විසින් මෙම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමයේ රැස්වීමෙහි මුලසුන හොබවා තිබේ.

වාර්තා වන ආකාරයට මෙම පහලගම සෝමරතන නායක හිමිනම ලන්ඩන් තේම්ස් බෞද්ධ විහාරයේ වැඩවසන සමයේදී එම විහාරස්ථානයට පැමිණි නව හැවිරිදි බාල දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවලට වැරදිකරු වී ලන්ඩනයේ අධිකරණයකින් වසර හතක සිර දඬුවම් නියම වූවෙකි.

1970 වේ දශකයේ බටහිර ලන්ඩනයේ චිස්වික් පළාතේදී බාල වියේ දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනා හතරකට එහිමියන් වැරදිකරු බව අධිකරණය තීන්දු කර ඇත.

එහෙත් එහිමියන්ට එරෙහිව එල්ල වී තිබූ ස්ත්‍රී දූෂණ චෝදනාවලට සෝමරතන හිමියන් නිවැරදි කරු බව අධිකරණයේ නිගමනය විය.

පහලගම සෝමරතන හිමියන් ගේ නම දින නියමයකින් තොරව ලිංගික අපයෝජකයන් ගේ නාම ලේඛනයට ඇතුලත් කරන මෙන්ද විනිශ්චයකරු නියෝග කර තිබිණ.

එමෙන්ම මින් මතුවට සෝමරතන හිමියන්ට ළමුන් සම්බන්ධ කිසිම කාර්යයකට සම්බන්ධ වීමද තහනම් කර තිබිණ.

ලන්ඩන් බෞද්ධ විහාරයේ බුදු මැදුරේ බුදු රුව අබියස මෙම දැරිය දුෂණය කල සොමරතනයෝ, “මේ සිද්ධිය පිළිබඳව මවට හෙළි කල හොත් ඇය අතිශය වේදනාවට පත් වනු ඇති බව ද දැරියගේ පියා මරණයට පත් වන බව ද පවසමින් දැරිය භීතියට පත් කර, බුදු රුව පාමුල මෙම බිහිසුණු අපරාධය සිදු කළ අතර, ඒ පිලිබඳ කිසිදු පසුතැවීමකින් තොරව හැසිරෙන ආකාරය චිශ්මය දනවන බව” තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු වරයා ප්‍රකාශ කර තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න