සිරිසේනගේ ආශාව එළියට : 19 නැතිකරගන්න ඉල්ලයි !

සිරිසේනගේ ආශාව එළියට : 19 නැතිකරගන්න ඉල්ලයි !

ජනාධිපති සිරිසේනට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව ඇත්තේ ඉතා අල්ප දැනුමක් බව අනාවරණය වෙයි.

ඒ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කළ යහපත් පාලනයක් ඉදිරියේ දී රට තුළ ඇති කිරීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 18 සහ 19 වන සංශෝධනයන් අහෝසි විය යුතු බවට ජනාධිපති සිරිසේන අද (23) කළ ප්‍රකාශයත් සමගය.

මෙහිදී ජනාධිපති සිරිසේන නොදැන සිටියේ 18 වන ව්‍යවස්ථා සංශෝධනය 19 වන සංශෝධනය වෙතින් අහෝසි වන බවය.

මේ සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ ජනාධිපති සිරිසේන 19 වන සංශෝධනය හරහා අහිමිවූ ඒකාධිපති විධායක බලතල නැවත අත්පත් කරගැනීමේ අපේක්ෂාවක් පෙන්නුම් කරන බවය.

එසේම පවතින පසුබිමේ එක්සත් ජාතික පෙරමුණ හෝ පොහොට්ටු පාර්ශවය එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති සිරිසේන වෙත අපේක්ෂකත්වය පිරිණමා සහය දීමක් පවා මේ හරහා ගම්‍ය වන බවත් ඒ හැර පියවි සිහියෙන් නම් ජනාධිපති සිරිසේන මෙවැනි අපේක්ෂාවක් නොදල්වනු ඇති බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

ජනාධිපති සිරිසේනගේ වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් මේ බව සදහන් කරයි.

18 වන ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රමයේ තිබූ රාජාණ්ඩු හා ඒකාධිපති ස්වරූපය හේතුවෙන් නව ආණ්ඩුවක් පිහිටුවා 19 වන සංශෝධනය ගෙන ආව ද එම සංශෝධනය හරහා එක දේශපාලන නායකත්වයක් යටතේ ගමන් කිරීමට නොහැකි වීමෙන් රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වූ බවත් ඒ තුළ යහපාලන රජයේ අරමුණු ඉටුකර ගැනීමට නොහැකි වූ බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට වසර 40ක් සපිරීම වෙනුවෙන් අද පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිතුමා සඳහන් කළේ අද රටට අවශ්‍ය ඇත්තේ ජනතා සිතුම් පැතුම් හඳුනන ජන හිතකාමී පාලනයක් බවත් ඒ සඳහා රටට ආදරය කරන සහ අවංක දේශපාලන නායකයින් සිටිය යුතු බවත් ය.

රටේ සංවර්ධනයේ ශක්තිමත්ම බලඇණිය වන ලක්ෂ 16ක රාජ්‍ය සේවකයින් වංචාවෙන් දුෂණයෙන් තොරව තම වගකීම් නිසිලෙස ඉටුකරන්නේ නම් මහජන අවශ්‍යතා කඩිනමින් ඉටුකර දිය හැකි බව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

ජපානයේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස හිමි, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ , හිටපු අමාත්‍යවරියක වන ෆේරියල් අෂ්රොෆ් සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න