ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධූරයට ප්‍රසිද්ධ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතනයක හිමිකරුවෙකු විසින් ලබා ගැනීමට උත්සහ ගනිමින් සිටින බව වාර්තා වේ.
රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරාපත් කරගැනීමේ නිලවරණය ඇසළ පෙරහැරින් පසුව පැවැත්වීමට නියමිත අතර ඒ වෙනුවෙන් තරඟ කිරීමට අදාළ මාධ්‍ය ආයතන ප්‍රධානියා මේ වන විට පිඹුරු පත් සකස් කරමින් සිටින අතර පසුගිය පොසොන් උත්සවය වෙනුවෙන් තිස්සමහාරාම ප්‍රදේශයේ විහාරස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබේ.
එසේම ඉදිරි මාස කිහිපය තුල දකුණු පළාත සහ මොනරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් වැඩසටහන් සංවිධානය කරන ලෙස අදාල මාධ්‍ය හිමිකරුවා විසින් තම මාධ්‍ය ජාලයේ ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.
කෙසේ නමුත් උපතින් කතෝලික ජාතිකයෙක් ද වන අදාල මාධ්‍ය ආයතන හිමිකරුවා රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරාපත් කරගැනීමේ නිලවරණයට ඉදිරිපත් වුවහොත් ඊට විරුද්ධව කටයුතු කිරීමට සංවිධාන ගණනාවක් සාකච්ඡා පවත්වමින් සිටින බව ද වාර්තා වේ.
රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස කටයුතු කළ ඩී.පී. කුමාරගේ ට එල්ල වී ඇති චෝදනා හේතුවෙන් එම තනතුර තාවකාලිකව අත්හිටුවා තිබෙන අතර වැඩබලන බස්නායක නිලමේ ලෙස මෙ වන විට කටයුතු කරන්නේ දිල්රුවන් රාජපක්ෂ ය.

