දිවයින ෆෑඩ් මෑන් මනෝජ්ට : සාෆිගේ බිරිඳගෙන් උත්තරයක් !

දිවයින ෆෑඩ් මෑන් මනෝජ්ට : සාෆිගේ බිරිඳගෙන් උත්තරයක් !

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය සාෆි ෂියාබ්දීන් සම්බන්ධයෙන් චෝදනා පිට චෝදනා එල්ල කරන 'දිවයින' පුවත්පත,

පසුගියදා එල්ල කළ තවත් චෝදනාවක් වී තිබුණේ පැසල් දැරියන්ට වෛද්‍ය සාෆිගේ දියණියන් දෙදෙනා සනීපාරක්ෂක තුවා බෙදා දී ඇති බවය.

''වඳ කරලා විතරක් නෙවෙයි දස වදත් දීලා' නමැති ශීර්ෂයෙන් යුතුව ජූනි 16 වැනි 'ඉරිදා දිවයින'හි එම පුවත පලවී තිබුනේ 'දිවයින' පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මනෝජ් අබේධීරගේ නමිනි.

''සාෆිගේ දියණියන් දෙදෙනා විසින් තමන් ඉගෙනගත් පාසැලේ දැරියන් වෙත, සනීපාරක්ෂක තුවා නොමිලේ බෙදා දීමක් පිළිබඳවද එම පාසැලේ දෙමව්පියන් අතර සැකයකට තුඩු දී තිබේ.'' යයි මනොජ් අබේදීර සිය පුවත් වාර්තාවේ සඳහන් කර ඇත.

පත්තරයක ලියන්නට තරම් සනීපාරක්ෂක තුවා බෙදා ඇති නම්, පාඨක සිතෙහි මැවෙන්නේ දැරියන් දෙදෙනෙකු මලු දෙකක සනීපාරක්ෂක තුවා දමාගෙන පාසලේ පංතියෙන් පංතියට ගොස් මිතුරන් අතර සනීපාරක්ෂක තුවා බෙදන චිත්‍රයකි. ඒ කතාවට වෛද්‍ය සාෆිගේ බිරිඳ වන වෛද්‍ය නසීර් ෆාතිමා ඉමාරා පිළිතුරු දුන්නේ මෙසේය.

''මගේ දුවලා දෙන්නා පාසලේ දරුවන්ට සනීපාරක්ෂක තුවා බෙදුවා කියලා පත්තරේ තියෙනවා. මගේ පොඩි දුව ඉන්නේ පහ වසර. එයා සනීපාරක්ෂක තුවා කියන වචනේ තේරුම දන්නෙත් නැහැ. මගේ ලොකු දුවට අවුරුදු පහළොවයි. එයාගෙන් එක දවසක් පංතියේ හිටපු ළමයෙක් සනීපාරක්ෂක තුවායක් ඉල්ලගෙන තිබුණා. ඒ ළමයා පංතියේ හිටපු තව ළමයි දෙන්නෙක්ගෙන් ඉල්ලලා තමයි තුන්වෙනියට මගේ දුවගෙන් ඉල්ලාගෙන තියෙන්නේ. එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙන්නේ එකම එක දවසක් විතරයි.'

 සාෆිගේ දරුවන්ටත් වෛරයේ ගින්න:

මෙතෙක් කල් දොස්තර සාෆි පසුපස හඹා ගිය මේ ජඩ මාධ්‍යවේදීන්, තමන්ගේ බොරුව නිසා පත් වූ අවමානයෙන් ගැලවෙන්නට නොහැකිව, දැන් සාෆිගේ දියණියන් දෙදෙනා වෙතද තවත් අමූලික බොරු අලුතෙන් ගොතමින් පහරදෙන්නට පටන්ගෙන තිබේ.

පාසැලේ මුස්ලිම් මිතුරු මිතුරියන්ගෙන් තෑග්ගක් හෝ ආහාරයක්වත් භාර නොගන්නා ලෙස සිංහල මාපියන් දරුවන්ට උපදෙස් දෙන තැනට වෛරී විෂ වර්ධනය කිරීමේ පහත් වුවමනාවක් මේ මාධ්‍ය ආයතනවලට ඇත.

ජාතිවාදීන්ට තමන්ගේ උවමනාව සපුරා ගැනීම සඳහා දරුවන් වුවද බිල්ලට ගත හැකි බවට මීට වඩා තවත් සාක්ෂි අවශ්‍යද? මේ කතාවෙන් බලාපොරොත්තු වන්නේ ඒ දැරියන් දෙදෙනාගේද පාසැල් ගමන අත්හිටුවා, සාෆිගෙන් ගත නොහැකි වුණු වාඩුව ගැනීම මිස අන් කුමක්ද?

(උපුටා ගැනීම : අනිද්දා)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න