ගෝඨාභය රාජපක්ෂගේ නම කියද්දීම තමනට බයක් ඇති වන බව ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කරයි.
මීළඟ ජනාධිපතිවරණයට ස්ථිර වශයෙන්ම පැමිණෙන්නේ තම පිලෙන් ඉදිරිපත් වන්නේ රෙද්ද බැනියම අඳින නායකයෙක් පමණක් යයිද ඔහු නැවත අවධාරණය කර ඇත.
ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිවරයා අපේක්ෂකයා කවුදැයි මහින්ද රාජපක්ෂ මහතා අගෝස්තු මස 11දා දැනුම් දෙන බව සඳහන් කර ඇතත් ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් කණ්ඩායමේ ජේෂ්ඨයෙක් වන තමන් සමඟ සාකච්චා කර නැති බව ද ඔහු පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කර සිටියේ ජනහමුවක් අවසානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
1952 දී ඩී.එස්. සේනානායක මහතා අශ්වයා පිටින් ඇද වැටී මිය ගිය පසුව එවකට හිටපු ආණ්ඩුකාරවරයා විසින් ඊළඟ ජ්‍යෙෂ්ඨයා වන එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට අගමැතිකම නොදී කනිෂ්ඨයකු වූ ඩඩ්ලි සේනානායක මහතාට අගමැතිකම දුන් බවද ඔහු සිහිපත් කලේය.
ඒ මොහොතේ බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂය අතහැර පාර්ලිමේන්තුවේ විපක්ෂයට ගිය බවද පැවසූ ලේගම මහතා එසේ සිදු වුයේ ජේෂ්ඨත්වයට නොසැලකූ නිසා බවද පැවසූවේය.

