මල්වතු - අස්ගිරිය ගෝඨාවම ඉල්ලයි : වෙන රාජපක්ෂලත් එපා කියලා !

මල්වතු - අස්ගිරිය ගෝඨාවම ඉල්ලයි : වෙන රාජපක්ෂලත් එපා කියලා !

ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරන්නැයි මල්වතු -අස්ගිරි මහ නාහිමිවරුන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වෙත දැනුම් දී ඇත.

ඒ, විපක්ෂනායකවරයා ඊයේ (23) උන්වහන්සේලා බැහැදැකීමට ගිය අවස්ථාවේදීය.

ජනක බණ්ඩාර තෙන්නකෝන්, මහින්දනන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්ත හා තේනුක විදානගමගේ යන මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවට සහභාගිවී ඇත.

එහිදී මාධ්‍යවේදීන් පිටතට යවා විපක්ෂනායකවරයා වෙනම කැඳවා ඇති අස්ගිරි මහ නාහිමියන්, ජාතික ආරක්ෂාව හා බෞද්ධ බලවේගය බෙදී වෙන්වීමට ඉඩනොතබා එක්සේසත් කිරීමට වහාම කටයුතු කරන ලෙස දැනුම් දුන් බවත් වාර්තාවේ.

''මේ වෙලාවේ වෙන කිසිම රාජපක්ෂ කෙනෙක් එපා. මේ ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධ බලවේගය එකතු කරන්න පුළුවන් ගෝඨාභය මහත්තයට විතරමයි. අපේ ජාතියට දැන් තියන එකම බලාපොරොත්තුව එතුමා. එතුමා ජනාධිපති අපේක්ෂකයා කිරීමට ඔබතුමාගේ ආශීර්වාදය ඉක්මනින්ම ලබාදීම ජාතික යුතුකමක්'' යයි අස්ගිරි නාහිමියන්, විපක්ෂ නායකවරයාට දැඩි ලෙස අනුශාසනා කර තිබේ.

සිංහල - බෞද්ධ රාජ්‍යයක් !

සිංහල - බෞද්ධ රාජ්‍යයක් ස්ථාපිත කිරීම සඳහා ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරන බවත් එය මෙරට මහ සංඝරත්නයේ ඉල්ලීම බවත් ජාතික චින්තන කණ්ඩායමේ ප්‍රධානි ආචාර්ය නලින්ද සිල්වා පසුගියදා අවධාරණය කර සිටියේය.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තෝරාගෙන ඇති එකම අපේක්ෂකයා ගෝඨභය රාජපක්ෂ බව ඔහු සඳහන් කළේ 'ජාතික සමතා බලවේගය' 19දා කොළඹ 07 හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතන ශ්‍රවණාගාරයේ දී කැදවා තිබූ විශේෂ නියෝජිත සමුළුවට එක්වෙමිනි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂගේ හෝ බැසිල් රාජපක්ෂගේ අනුමැතියක් අවශ්‍ය නොවන බවද ඔහු දැඩිව ප්‍රකාශ කලේය.

ඒකාබද්ධ විපක්ෂයේ හා පොහොට්ටුවේ දේශපාලන තීන්දු තීරණවලට බලපෑම් කිරීම සඳහා ආචාර්ය නලින් ද සිල්වා ප්‍රමුඛ 'ජාතික චින්තන' කණ්ඩායම මේ වනවිට දැඩි උත්සහයක් දරමින් සිටින අතර ඔවුන් ඒ සඳහා විපක්ෂයේ බලවේග ආමන්ත්‍රණය කරමින් රටපුරා පුළුල් ප්‍රචාරක මෙහෙයුමක් ද ආරම්භ කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න