පාස්තු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනිමට කටයුතු නොකිරිම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු ට එරෙහිව වහාම අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලෙස නීතිපති දප්පුලද ලිවේරා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නට දන්වා ඇති බව වාර්තා වෙයි.
මලල්ගොඩ කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගෙන නීතිපතිවරයා මෙම පියවර ගත් බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි නිශාරා ජයරත්න මාධ්‍ය වෙත පවසා ඇත.
කෙසේ වුවත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ ජනාධිපති සිරිසේනගේ කෙරුවාව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ අනාවරණය කිරීම හේතුවෙන් දරුණු පළිගැනීමක් සිදුව ඇති බවය.
එසේම මලල්ගොඩ කමිටුවේ නිර්දේශ කුමක්ද , මොනවාද යන්න කිසිවෙකු නොදන්නා බවත් ඒ හමුවේ තෝරාගත් ලයිස්තුවක් වෙත අපරාධ පරීක්ෂණ කිරීමට නීතිපති කටයුතු කරන බවක් පෙන්නුම් කරන බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.
හේමසිරිගේ සාක්ෂිය ඉතා වැදගත් !
තවද පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු ලබාදුන් සාක්ෂි ඉතා වැදගත් බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එහිදී ජනාධිපති සිරිසේන හෝ රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන යන දෙදෙනාගෙන් අයෙකු ප්‍රහාරය වලක්වා ගැනීම සම්බන්ධව නිසිලෙස වගකීම් ඉටුකර නැති බව අනාවරණය වූ බවත් එබැවින් මේ මොහොතේ කිසිදු අයෙකු නොදුටු නොදන්නා වාර්තාවක නිර්දේශ පදනම් කරගෙන නීතිපති කටයුතු කරන ආකාරය සම්බන්ධව දැඩි අවධානයකින් පසුවිය යුතු බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි .

