ගල් ගසා මරණ, අස්ගිරි මහ නායක හිමිගේ වෛරී බණට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක් !

ගල් ගසා මරණ, අස්ගිරි මහ නායක හිමිගේ වෛරී බණට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක් !

උපාසක අම්මලා කියන ලෙස මුස්ලීම් වෛද්‍යවරයකුට ගල් ගසා මරා දැමීමට, ඔහු අපේ අයෙකු වූවා නම් පෙති ගසා දමන බව කියමින් අස්ගිරි මහනායක වරකාගොඩ ඤානරත්න විසින් පසුගිය 15 ‌වෙනිදා ‌දොඩම්වල දියකෙළිනාවල කිත්සිරිමෙවන් රජමහා විහාරයේදී ‌වෛරී සහගත අනුශාසනාවක් කිරීමට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති ‌කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආචාර්ය සරවණමුත්තු වැඩ බලන ‌පොලිස්පතිවරයා හමුවේ පැමිණිල්ලක් සිදුකර ඇත.

අද (24) එම පැමිණිල්ල සිදුකර ඇත.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විකල්ප ප්‍රතිපත්ති ‌කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආචාර්ය සරවණමුත්තු සදහන් කර ඇත්තේ පුද්ගලයාගේ සමාජ තත්ත්වය කුමක් වුවත් ‌වෛරී ප්‍රකාශයන්ට එරෙහිව දඬුවම් ලැබිය යුතු බවත් එබැවින් අදාල පාර්ශවයට එරෙහිව ව්‍යතිරේකයකින් ‌තොරව නීතිය ක්‍රියාත්මක විය යුතු බවය.

සිවුරු පැළැඳි පුද්ගලයන් රටේ නීතියෙන් නිදහස් ‌නොකළ යුතු බවත් ඔහු පැවසීය.


අධිකරණයට අපහාස කිරීම වෙනුවෙන් අභියාචනාධිකණයේදී 2018 අගෝස්තු 8 වෙනි දින දඬුුවම් ලැබූ ගලබොඩඅත්තේ ඥාණසාර ජනාධිපති සමාව යට‌තේ නිදහස් කිරීමට එරෙහිවද විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවණමුත්තු විසින් ජනාධිපතිවරයාට එරෙහිව පසුගිය සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් (SL/FR/ 256/2019 ) ඉදිරිපත් ‌කෙළේය.

2018 ඔක්තෝබර් 26 දියත් වූ ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණය අවස්ථාවේ දී ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ජනාධිපති වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ බවට චෝදනා නැගීය. එහිදී ‌ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7 ‌දෙනෙක් ඒකමතිකව තීන්දු කළේ ජනාධිපති සිරිසේන ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න