කතා සාප්පු වහලා වැඩ කරන්නැයි : අගමැති දන්වයි !

කතා සාප්පු වහලා වැඩ කරන්නැයි : අගමැති දන්වයි !

නිකරුනේ දේශපාලනේ කතා කරලා එක එක්කෙනාට බැනලා තරුණ තරුණියන් වෙනුවෙන් අනාගතයක් හදන්නට නොහැකි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ම මුතුරාජවෙලදී ඊයේ (24) පැවැසීය.

එලෙස කරන පුද්ගලයන් දේශපාලනයේ රැඳී සිටීමෙන්ද පලක් නැතැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

අභිනවයෙන් ඉදිකළ සිපෙට්කෝ ලිහිසි තෙල් මුසු කිරීමේ යන්ත්‍රාගාරය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේය.

හරි දේ කරන විට බැනුම් ඇසුවාට කමක් නැති බව කී අග්‍රාමාත්‍යවරයා එහෙත් හරියට වැඩේ කළයුතු බව සඳහන් කළේය. තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් බලාපොරොත්තු වන බවද එය ලබා දීම රජයේ යුතුකමක් යැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මුතුරාජවෙල ඇලකන්ද පාර පෙට්ට්‍රෝලියම් පර්යන්තය අසල මෙම අභිනව යන්ත්‍රාගාරය ඉදිකර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න