සිරිසේන දන්න ව්‍යවස්ථාවක් නෑ : මන්ත්‍රී හේෂා පෙන්වා දෙයි !

සිරිසේන දන්න ව්‍යවස්ථාවක් නෑ : මන්ත්‍රී හේෂා පෙන්වා දෙයි !

18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ඉවත් කල යුතු බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් කර ඇති ප්‍රකාශය අනුව පෙන්නුම් කරන්නේ එම බලතල මේ වන විට ඉවත්කර ඇති බවට ජනාධිපතිවරයා නොදැන සිටීම බව හේෂා විතානගේ මන්ත්‍රිවරයා කියයි.

හේෂා විතානගේ මන්ත්‍රීවරයා මේ බව සදහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂයේ නාවලපිටිය ප්‍රදේශයේ සන්නිවේදන බලකාය හමුවිමෙන් අනතුරුව මාධ්‍යය හමුවක අදහස් දක්වමින්ය.

ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිරනයට සාර්ථාකව මුහුණ දිම සදහා එක්සත් ජාතික පක්ෂය මේ වන විට ශක්තිමත් වටපිටාවක් ගොඩනගා ඇති බවද ඔහු පැවසීය.

වසර ගණනාවක් දේශපාලන පක්ෂවලට ගැතිකම් කරපු මේ රටේ 50% ජනතාවක් මේ වන විට ස්වාධින වි ඇති බවත්, මේ රටේ දුප්පත් ජනතාවගේ දුක හදුනන රටට යහමගට රැගෙන යා හැකි නායකයෙකුට එම ජනතාව සහයෝගය ලබාදිමට බලාපොරොත්තුවෙන් සිටින බවයි හේෂා විතානගේ මහතා පැවසීය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න