සිරිසේනගේ කතාවෙන් මහින්දත් පරණ කුණු සෝද ගනියි !

සිරිසේනගේ කතාවෙන් මහින්දත් පරණ කුණු සෝද ගනියි !

18 වැනි ව්‍යවස්ථාව සංශෝධනයේ හානියක් තමන්ට නොපෙනෙන බවත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ හානිය දැන්වත් ජනපති සිරිසේනට තේරුම් යෑම පිළිබඳව ඔහුට ස්තූතිවන්න වන බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ පවසයි.

කෙසේ වෙතත් ජනපතිවරයා එය තේරුම් ගත්තත් දැන් ප්‍රමාද වී වැඩි බවත් ඔහු ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මේ බව සදහන් කර සිටියේ හඟුරන්කෙත පැවැති ආගමික වැඩසටහනිකනි අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මෙසේද පැවසීය.

“මට නම් තේරෙන්නේ නෑ 18 (ව්‍යවස්ථා සංශෝධනයේ) හානිය. කෙසේ වෙතත් 19 (ව්‍යවස්ථා සංශෝධනයේ) හානිය එතුමට තේරුණ එක ගැන ස්තූතිවන්න වෙන්න ඕන. දැනුත් පරක්කු වැඩියි.

තව මාස 4කින් මැතිවරණයක් තිබෙනවා. ඉතින් වෙලාවක් නෑ ඒවා වෙනස් කරන්න. මේ අත්හදා බලන යුගයක් නෙමෙයි.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් අරගෙන ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන. එහෙම නැතිව කරන්න බෑ. තුනෙන් දෙකක් තියෙනවද? දැන් නොකෙරෙන දේවල් ගැන කථාකරලා වැඩක් නෑ.”

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න