ජනාධිපති සිරිසේනත් : තේරීම් කාරක සභාව හමුවට කැඳවීමේ සූදානමක් !

ජනාධිපති සිරිසේනත් : තේරීම් කාරක සභාව හමුවට කැඳවීමේ සූදානමක් !

පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ජනාධිපතිවරයා කැඳවීමට එම කාරක සභාව තීන්දු කර තිබේ.

වාර්තා වන ආකාරයට ජනාධිපති සිරිසේනට අමතරව අග්‍රාමාත්‍ය රනිල් සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුමබණ්ඩාර ද ඉදිරියේදී සාක්කි ලබා ගැනීම සඳහා කැඳවන බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයෙක් පැවසීය.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කැඳවීමේ බලයක් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට තිබෙන බව ද ඔහු කීවේය.

ෆොන්සේකා ඉන්න තුරු එන්නේ නෑ !

මේ අතර ජනාධිපති සිරිසේනට සම්බන්ධ දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ පෙනීසිටින ලෙස මෙතෙක් ජනාධිපතිට දන්වා නොමැති බවය.

එසේම ඊට සහභාගී වීම හෝ නොවීම සම්බන්ධව ජනාධිපති සිරිසේනගේ තීරණය තවම දැනගන්නට නොමැති බවත් ඒ කෙසේ වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අදාල තේරීම් කාරක සභාවේ සිටියදී ජනාධිපති ඊට සහභාගී වෙතැයි විශ්වාස කළ නොහැකි බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න