වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති එළවන්න : පොහොට්ටුවේ සාකච්ඡා !

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති එළවන්න : පොහොට්ටුවේ සාකච්ඡා !

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිට ඉල්ලා අස්වීමට නියෝග කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාකච්ඡාවක් සිදුවෙමින් තිබෙන බව වාර්තා වෙයි.

ඒ දංකොටුව සතිපොළෙන් මුස්ලීම් වෙළෙන්දන් ඉවත්කරන ලෙස දන්වමින් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට නිකුත්කල ලිපිය පදනම් කරගෙන ශ්‍රී ලංකා පොදුජනට සම්බන්ධ මුස්ලීම් නායකයන්ගේ බලවත් විරෝධය හමුවේය.

වාර්තා වන ආකාරයට පොහොට්ටුවට සහය දක්වන මුස්ලීම් නායකයන් කිහිපදෙනෙකු පොහොට්ටු නායකයන් අමතා දන්වා ඇත්තේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිව වහාම එම ධුරයෙන් ඉවත්කරන ලෙසය.

 අදාළ ලිපිය බරපතල මානව හිමිකම් කඩකිරීමක් මෙන්ම මුස්ලිම් ප්‍රජාවට සිදුකළ බලවත් අවමානයක් බව එම මුස්ලිම් පිරිසක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවී පෙන්වාදී ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු සහ දැඩි රාජපක්ෂ වාදියකු ලෙස සැළකෙන ජනාධිපති නීතිඥ අලි සබ්රි ද ජාතිවාදය ඉස්මුරුත්තාවට ගොස් තිබෙන තම දේශපාලන කඳවුර සම්බන්ධව දැඩි කළකිරීමකට පත්ව ඊට විරෝධය දක්වමින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

unnamed

අදාළ ෆේස්බුක් සටහනට ඉහල ප්‍රතිචාරයක් ලැබී ඇති අතර ඒ නිසාම පසුව ඔහු එම සටහන ඉවත්කරගෙන ඇති බවත් අප ආරංචිමාර්ග සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න